slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2019
චමරිගේ තුන් ඉරියව් දක්ෂතා දඹුල්ලට ජය මාවත විවර කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා ක්‍රිකට් විස්සයි-20 සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26 දා) පෙරවරුවේ පැවැති තරගයේදී කොළඹ පිලට එරෙහිව ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය දඹුල්ල කණ්ඩායම විසින් මෙම තරගාවලිය යටතේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කරන ලද නායිකා චමරි අතපත්තුගේ ලකුණු 95 ක ඉනිම ප්‍රධාන කොට ලකුණු 182 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට දඹුල්ල පිලට හැකිවිය. ප්‍රතිවාදී කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නියකට අවස්ථාව ලබා නොදුන් චමරි සිය ඉනිම සඳහා පන්දු 47 කට පමණක් මුහුණ දුන්නාය. හතරේ පහර 10 ක්ද සිය ඉනිමට ඇතුළත් කරගත් මෙම වමත් පිතිකාරිණිය දැවැන්ත හයේ පහර 6 කින්ද සිය ඉනිම සරසා ගත්තාය.

ප්‍රසාදිනී වීරක්කොඩි (27) සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 49 ක සම්බන්ධතාවයක් පැවැත්වූ චමරි අතපත්තු, හංසිමා කරුණාරත්න සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූවාය. එහිදී හංසිමාගේ දායකත්වය පන්දු 19 කදී ලකුණු 22 ක් විය.

ඉන් නොනැවතුණු චමරි, ශෂිකලා සිරිවර්ධන සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩ නංවා සිය ලකුණු පුවරුව ඉහළ දැමීය. මුලු ලකුණු සංඛ්‍යාව 172 ක්ව තිබියදී ෂෙරීනා රවිකුමාර්ගේ පන්දුවක් හමුවේ චමරිගේ වටිනා ඉනිම නිමා වට පත් වන විට තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය වෙනුවෙන් පන්දු 69 ක් වැය කර තිබිණි. එහිදී ශෂිකලා සිරිවර්ධන පන්දු 30 කදී ලකුණු 30 ක් ලබා ගනිමින් දඹුල්ල ඉනිමේ පන්දුවාර සංඛ්‍යාව හමාර වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කරගත්තාය.

පන්දු 120 කදී ලකුණු 183 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම සඳහා පිටියට පිවිසි කොළඹ කණ්ඩායමට දඹුල්ල පන්දු යවන්නියන් හමුවේ පන්දුවාර 18.4 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 136 ක් පමණි. පළමු කඩුලු 2 ම ලකුණු 20 කදී බිඳ වැටී තිබියදී පිටියට එක්වූ ඩිලානි මනෝදරා රොෂානි පෙරේරා සමග එක්ව පන්දු 31 කදී වේගවත් ලකුණු 50 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් වුවත් ශෂිකලා සිරිවර්ධන විසින් රොෂානි පෙරේරා (18) දවා ගැනීමට සමත්වීමත් සමඟ එම සම්බන්ධතාවය නිමාවට පත්විය. 

එහෙත් සටන අත් නොහළ ඩිලානි කණ්ඩායමේ වගකීම තම කර මතට ගනිමින් පන්දුවට පහර දුන්නද සෙසු පිතිකාරිණියන්ගෙන් හිමිවිය යුතු සහයෝගය ඇයට අහිමි විය. එපමණක් නොව පන්දුවට පහර දෙමින් සිටියදී අනපේක්ෂිත අන්දමින් බෙල්ල ප්‍රදේශයේ පන්දුවක් වැදීම නිසා ඇයට සිය පිතිකරණය පසෙකලා පිටියෙන් ඉවත්වීමට සිදුවීමද කණගාටුදායක සිදුවීමක් බවට පත්විය. 

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ නායිකා චමරි අතපත්තු ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවාය. ඇයට අමතරව ශෂිකලා සිරිවර්ධන සහ සුගන්දිකා කුමාරි කඩුලු 2 බැගින් බිද දැමූහ. 

ලකුණු සාරාංශය – දඹුල්ල පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 182 යි – (චමරි අතපත්තු 95, ප්‍රසාදිනී වීරක්කොඩි 27, හංසිමා කරුණාරත්න 22, ශෂිකලා සිරිවර්ධන (නොදැවී) 30, ඕෂධී රණසිංහ 38/1, ෂෙරීනා රවිකුමාර් 23/1)

කොළඹ පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 136 යි – (ඩිලානි මනෝදරා 52, අමා කාංචනා 30, රෝෂිනී පෙරේරා 18, ශෂිකලා සිරිවර්ධන 24/2, චමරි අතපත්තු 24/2, සුගන්දිකා කුමාරි 25/2, ඉරේෂා ශාමලී 23/1)

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

USD United States (US) dollar