slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2019
දඹුලු ක්‍රීඩිකාවෝ සුපිරි පළාත් කිරුළ දිනති

Sri Lanka Cricket

දක්ෂතා සහිත කාන්තා ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2019 වසරේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල පළාත් කණ්ඩායම අද (28 දා) සමත්විය. 

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ප්‍රතිවාදී කොළඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළ දඹුල්ල පළාත් පිල ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 2 ක ජය මල්ලලකටද හිමිකම් කීවේය. අනූශූරතාවයට පත් කොළඹ පළාත් පිලට මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් හිමිවිය.

කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 98 ක් පමණි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ තවත් පන්දු 22 ක් සහ කඩුලු 7 ක්ම ලකුණු පුවරුවේ ඉතිරි තබමිනි. 

දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාව බවට පත්වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 41 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් ලබා සුවිශේෂී ජයග්‍රහණය සනාථ වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තාය.

ලකුණු 14 කට කඩුලු 2 ක් දැවී ගොස් තිබියදී පිටියට පැමිණි දකුණත් පිතිකාරිණිය කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නියන්ට කිසිම අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුවට පහර දීම දිනයේ කැපී පෙනෙනම දක්ෂාතාව ලෙසින් සටහන් විය. පන්දුවට පහර දීමට අමතරව පන්දු යැවීමෙන්ද කැපී පෙනුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ශෂිකලා ලකුණු 21 කට කඩුලු 2 ක් ද දවා ගැනීමට සමත්වූවාය. 

එහිදී හංසිමා කරුණාරත්න සමඟ එක්වූ ශෂිකලා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවයක් එක් කරන ලද්දේ පන්දු 61 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාවය වෙනුවෙන් හංසිමා ලකුණු 21 කින් දායකත්වය දක්වද්දී ශෂිකලා ලකුණු 47 කින් දායකත්වය දැක්වූවාය.

සත්කාරක කොළඹ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී සුගන්ධිකා කුමාරි ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ දමද්දී හංසිමා කරුණාරත්න සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවා දැවී ගිය කඩුලු 10 න් කඩුලු 7 ක්ම බෙදා ගත්හ. ආරම්භයේ සිටම කොළඹ ඉනිම පාලනයකට නතු කරගනිමින් පන්දු යැවූ දඹුලු පන්දු යවන්නියෝ පළමු කඩුලු 4 ම ලකුණු 28 ක් ඇතුළතදී දවා ගනිමින් කොළඹ පිල දැඩි පීඩනයක් ඇද දැමීමට සමත්වූහ.

කෙසේ වෙතත් පිටියට එක්වූ ඕෂධී රණසිංහ විසින් පන්දු 21 කදී දියත් කරන ලද ලකුණු 23 ක ඉනිම හේතුවෙන් එම අසීරුතාවයෙන් ගොඩ ඒමට කොළඹ කණ්ඩායමට හැකිවාය ලැබිණ. නායිකාවකගේ ඉනිමක් ඕෂධී දියත් කරද්දී අමා කාංචනා සහ හෂිනි පෙරේරා පමණක් ලකුණු 19 සහ 13 වශයෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පිතිකාරිණියෝ බවට පත්වූහ. තත්ත්වය එසේ වද්දී සෙසු පිතිකාරිණියන් 8 දෙනාම ලකුණු 10 සීමාවට අඩුවෙන් දැවී යෑම ලකුණු 100 සීමාව හෝ ඉක්මවා යෑමට කොළඹ කණ්ඩායමට හේතු වූ ප්‍රධාන කරුණ බවට පත්විය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා මාධවී (නායිකා – මහනුවර කණ්ඩායම) 

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – ශෂිකලා සිරිවර්ධන (දඹුල්ල කණ්ඩායම)

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය – හංසිමා කරුණාරත්න (දඹුල්ල කණ්ඩායම)

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන (දඹුල්ල කණ්ඩායම)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar