slc
Home   |    News
නොවැම්බර් 13, 2019
දෙවැනි තරගය ජය ගත් බංග්ලාදේශය යොවුන් පිල තරගාවලියේ පෙරමුණට

Sri Lanka Cricket

බංග්ලාදේශයේ තරග සංචාරයක නියුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර කුල්නාහි පැවැති නිල නොවන දෙවැනි එක්දින තරගයෙන් සංචාරකයින්ට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්වී විය. දෙපිළ අතර පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා අතහැර දැමුණු මෙම තරගාවලියේ දෙවැනි තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.

වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් එක් කණ්ඩායමකට පන්දුවාර 31 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වූ මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 210 ක ඉලක්කයක් ලබාදීමට සමත්වූ නමුත් එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ යොවුන් පිතිකරුවෝ පන්දුවාර 25.4 කදී කඩුලු 5 ක් පමණක දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

පළමු කඩුලු 4 ම ලකුණු 42 කදී බිඳ වැටී තිබියදී පිටියට එක්වූ ශමීම් හුසේන සහ ටවුහිඩ් රිඩෝයි දෙපළ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී වේගවත් ලකුණු 161 ක සම්බන්ධතාවයක් පවත්වමින් බංග්ලාදේශ පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එයිදී වැඩිම ලකුණු ලාභියා වූ ශමීම් හුසේන් ශතකයට ලකුණ් 5 කට පෙර හෙවත් ලකුණු 95කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක් පන්දුවට පහර දුන් රිඩෝයි නොදැවී ලකුණු 82 ක් ලබා ගැනීමට සමත්විය.

බංග්ලාදේශ පිලේ දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම දවා ගන්නා ලද්දේ අම්ෂි ද සිල්වා විසිනි. ඔහු සිය පන්දු යැවීම ලකුණු 36 කට කඩුලු 3 ක් ලෙස සටහන් කරද්දී සෙසු පන්දු යවන්නන් 6 දෙනාම බංග්ලාදේශ පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙනුණි. මෙහිදී අම්ෂි සිය පන්දුවාරයකට ලකුණු 6 ක් පමණක් ලබා පන්දු යවන ලද අනෙක් පන්දු යවන්නන් 6 දෙනාටම එරෙහිව ලකුණු 6.5 ට ඉහළ අගයකින් ප්‍රහාරයට ලක්වීම කැපී පෙනුණි.

කාසියේ වාසියත් සමඟ බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 78 ක් ලබා ගගත්තේය. පන්දු 75 කට පමණක් ඒ සඳහා මුහුණ දුන් නවෝද් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් අලංකාර කර ගත්තේය.

නවෝද්ට අනගි සහායක් ලබා දුන් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සොනාල් දිනූෂ පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක්ද, රවිඳු රසාන්ත පන්දු 22 කදී හතරේ පහර 5 ක් සමඟ ලකුණු 33 ක්ද ලබා පිතිකරුවන් ලෙසින් දායකත්වය ලබා දුන්හ. ඔවුන්ට අමතරව පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි චමිඳු විජේසිංහ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබා යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය ලබන 14 වැනිදා කුල්නාහිදීම පැවැත්වේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest