slc
Home   |    News
නොවැම්බර් 25, 2019
නැගීඑන ආසියානු ශූරතාවලියේ ශ්‍රී ලංකා බලාධිකාරිය බිඳ වැටෙයි

Sri Lanka Cricket

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට පාකිස්තානු නැගී එන කණ්ඩායම සමත්විය. ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී සත්කාරක බංග්ලාදේශ පිල ලකුණු 77 ක පරාජයකට ඇද දැමු පාකිස්තානු ක්‍රීඩකයෝ සිව්වැනි වරටත් පැවැති නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 302 ක ඉලක්කයක් සත්කාරකයින් හමුවේ තැබූ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 43.3 කදී ලකුණු 224 කට සීමා කළ මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන පන්දු යවන්නෝ ප්‍රථම වතාවට නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව පාකිස්තානට අත්කර දුන්හ. 2013 වසරේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස ඉන්දියාව කිරුළ පැළැඳි අතර අනතුරුව 2017 සහ 2018 යන වසර වල පැවැති තරගාවලි ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. 

කුසලාන පාකිස්තානයට දිනා දීම වෙනුවෙන් ශයිෆ් බාබර් සහ කුෂ්දිල් ෂා කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඒ අතරින් කැපී පෙනුණු මොහොමඩ් හස්නේන් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් පාකිස්තානු පිල ජය කණුව කරා රැගෙනන ගියහ. බංග්ලාදේශ පිල වෙනුවෙන් අෆීෆ් හොසේන් (49), නායක අජ්මුල් හුසේන් (සහ මෙහෙදි හසන් (42) අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියහ. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු නැගි එන කණ්ඩායම වෙනුවෙන් රොහේල් නසීර් ලකුණු 113 ක් ලබා ලකුණු 300 සීමාව සඳහා වූ අඩිතාලම පාකිස්තානු පිලට විවර කර දුන්නේය. පන්දු 111 කින් සමන්විත රොහේල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් විය. 

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි රොහේල් ඉම්රාන් රාෆික් (62) සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලලකුණු 117 ක සම්බන්ධතාවයක් ගොඩනංවන ලද්දේ පන්දු 152 ක් වැය කරමිනි. ඉන් නොනැවතුණු රොහේල් නායක සෞද් ශකීල් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩ නංවමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමූහ. එම සම්බන්ධතාවය වෙනුවෙන් ශකීල්ගේ දායකකත්වය පන්දු 40 කදී ලකුණු 42 කි.

තරගයේ දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් රොහේල් නසීර් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද සමස්ත තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ සෞම සර්කාර්ද පිදුම් ලැබීය. 

ඒ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටය යටතේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඕමානය හමුවේ තරග වැදුණු තරග  3 ම පරාජයට පත්වූයෙන් මූලික වටයෙන්ම ඉවතට විසිවිය. මෙම තරගයේ තරග තීරකවරයා ලෙස ශ්‍රී ලාංකික තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ විනිසුරුවන් දෙපළගෙන් එක් අයෙක් ලෙස ශ්‍රී ලංකාවේ විනිසුරුවරයෙකු වන ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු කටයුතු කළහ. 

ලකුණු සාරාංශය – පාකිස්තානය පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 301 යි – (රොහේල් නසීර් 113, ඉම්රාන් රාෆික් 62, සෞද් ශකීල් 42, කුෂ්දිල් ෂා 27, හයිඩර් අලී 26, සුමොන් ඛාන් 75/3, හසන් මහමුද් 52/2)

බංග්ලාදේශය පන්දුවාර 43.3 කදී සියලු දෙනා දැවී ලකුණු 224 යි – (අෆීෆ් හොසේන් 49, මෙහෙඩි හසන් 42, නජ්මුල් හොසේන් 46, යසීර් අලී 22, මොහොමඩ් හස්නේන් 32/3, කුෂ්දිල් ශා 39/2, සයිෆ් බාදර් 27/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest