slc
Home   |    News
නොවැම්බර් 18, 2019
නැගී එන කණ්ඩායමට ලකුණු 90 ක පරාජයක්

Sri Lanka Cricket

ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වීම නිසා නැගී එන කණ්ඩායම් අතර ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොක්ස් බසාර්හි පැවැති එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අත්විඳීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුකණු 184 ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හිමි වුවද මොහොමඩ් හස්නේන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 30 කුත් පන්දු 4 කදී ලකුණු 93 කට සීමා විය. ශ්‍රී ලංකා පිල අන්ත අසරණත්වයකට ඇද දැමූ මොහොමඩ් හස්නේන් පන්දුවාර 7 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 6 ක් බිඳ දැම්මේ නොතිබූ ජයග්‍රහණයක් පාකිස්තානු පිලට උදා කර දෙමිනි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිස්සංක (34), හසිත බෝයගොඩ (22) සහ රමේෂ් මෙන්ඩිස් (19) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූහ. අදාළ හඹා යෑමේදී මිනෝද් භානුක ලකුණු 02 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වූ පැතුම් නිස්සංක සහ හසිත බෝයගොඩ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් එක් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමූහ.

එහෙත් පන්දු 3 ක් ඇතුළත මොවුන් දෙදෙනාම දවා ගැනීමට කුෂ්දිල් ෂා සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ඇරඹිණ. සිව්වැනි කඩුල්ලට එක්වූ නායක චරිත් අසලංක සහ උප නායක කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සාහ ගනු ලැබුවද එහිදී ප්‍රථමයෙන්ම නායක අසලංකව දවා ගත් මොහොමඩ් හස්නේන් ජයග්‍රහණය සඳහා වන ප්‍රධානම අඩිතාලම එක් කළේය. අසලංකගේ දැවී යෑමත් සමඟ කිසිම පිතිකරුවකුට හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් හස්නේනි සහ උමර් ඛාන් ඉතිරි කඩුලු 7 ම ලකුණු 04 ක් ඇතුළත බිඳ දැමූහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු නැගී එන කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලුදෙනාම ලකුණු 183 කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන් ලෙස ස්ථාවර වීමට නොහැකි වීම මෙම තරගයේ පරාජයට ප්‍රධානම හේතුව විය.

පාකිස්තානු නැගී එන පිල වෙනුවෙන් රොහෙයිල් නසීර් ලකුණු 37 ක්ද කුෂ් දිල් ෂා ලකුණු 32 ක් ද රැස් කරමින් එම ලකුණු පුවරුව ඉහළ දැමූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අමිල අපෝන්සෝ සහ කලන පෙරේරා කඩුලු 2 බැගින් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන් අසීරුවේ දැමූහ.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest