slc
logo
Home   |    News
නොවැම්බර් 14, 2019
බංග්ලාදේශ යොවුන් පිල 2-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියට එති

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැති නිල නොවන තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමටද සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හැකියාව ලැබිණ.

 ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජයගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 341 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කඳවුර හමුවේ ලබා දුන්නද එය හඹා යෑමේදී ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 31.2 කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 179 ක් පමණි.

එම හඹා යෑමේදී වේගවත් ආරම්භයක් ලබා ගත් නවෝද් පරණවිතාන සහ මොහොමඩ් ශමාස් පන්දු 35 කදී ලකුණු 64 ක් ලබා සාර්ථක ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙම තරගයේදී හිස එසවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

පන්දුවට පහර දීමේදී කැපී පෙනුණු පරණවිතාන හතරේ පහර 9 ක් සමඟින් පන්දු 32 කදී ලකුණු 50 ක් රැස් කළ අතර ශමාස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 16 කදී ලකුණු 29 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළින් සාර්ථක වූ අනෙක් එකම පිතිකරුවා වූයේ අවිෂ්ක පෙරේරා වන අතර හේ පන්දු 32 කදී ලකුණු 20 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් විය.

ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ දැමීමේ පෙර ගමන්කරුවන් වූ තන්සිම් හසන් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිඳ දමද්දී, ශමීම් හුසේන්, අවිෂේක් දාස්, රකිබුල් හසන් සහ ශහදාත් හොසේන් කඩුල්ල බැගින් දවා ලමින් ශ්‍රී ලංකා ඉනිම අඩ පණ කළ දැමූහ.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙනු සුවිශේෂී පිතිහරඹයක් දියත් කල තව්හිඩ් රිඩෝයි නොදැවී ලකුණු 123 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සඳහා වූ මං පෙත් විවර කර දුන්නේය. හයේ පහර 6 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වුණු රිඩෝයිගේ මෙම සුවිශේෂී ඉනිම සඳහා පන්දු 98 කට පමණක් මුහුණ දුන්නේය.

රිඩෝයි ට අනගි සහායක් ලබා දුන් ටැන්සිඩ් හසන් (60), හසන් ජෝයි(52) සහ අක්බර් අලී (52) අර්ධ ශතක ලබා ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩි දායකත්වයක් දැක්වූහ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar