slc
Home   |    News
නොවැම්බර් 18, 2019
බංග්ලාදේශ යෞවනයෝ එක්දින තරගාවලිය ජය ගනිති

Sri Lanka Cricket

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක වූ චැටොග්‍රැම්හිදී පැවැති සිව්වැනි නිල නොවන එක්දින තරගයෙන් ද කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් බංග්ලාදේශ යොවුන් පිල හමුවේ තැබූ අතර එය හඹා ගිය බංගලිදේශ පිතිකරුවෝ අදාළ ඉලක්කය 47 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

බංග්ලාදේශ පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ තව්හිඩ් රිඩෝයි පන්දු 120 කදී ලකුණු 115 ක් ලබා ගත්තේය. මෙම තරගාවලිය යටතේ රිඩෝයි විසින් පිට පිටම වාර්තා කරගන්නා ලද දෙවැනි ශතකය බවට පත්වූ මෙම ඉනිමේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කර ගැනීමටද සමත්වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අක්බර් අලී පන්දු 60 කදී වේගවත් ලකුණු 66 ක් රැස් කරන ලද්දේ සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සරසා ගනිමිනි.

නවෝද් පරණවිතානගේ පන්දුවක් හමුවේ ශතක ලාභි රිඩෝයි දැවී යන විට අක්බර් අලී සමඟ පස්වැනිකඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 110 ක් එක් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය සුරක්ෂිත කිරීමටද රිඩෝයි දායක විය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවට පහර දීමේදී ඉදිරිපෙළ පිතිකරුවන් හත් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත් වුවද කිසිවකුත් අර්ධ ශතකයක් කරා යෑමේ අවස්ථාව අහිමිවිය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ලද්දේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සොනාල් දිනූෂ වන අතර හේ පන්දු 52 කදී ලකුණු 43 ක් රැස් කර ගත්තේය. හතරේ පහර 2 ක් පමණක් තම ඉනිමට අන්තර්ගත කළ සොනාල් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 50 අවසන් වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් අභිෂේක් කහදූවාරච්චි (37), මොහොමඩ් ශමාස් (34), නවෝද් පරණවිතාන (31), රවිඳු රසාන්ත (25), නිපුන් ධනංජය (27) සහ චමිඳු විජේසිංහ (29) ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය ලබා දුන්හ. මොවුන් අතරින් ඉනිම ඇරැඹි නවෝද් පරණවිතාන සහ මොහොමඩ් ශමාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු් 69 ක සම්බන්ධතාවයක් පවත්වා සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්, දීර්ඝ ඉනිමක් දක්වා සිය ඉනිම පරිවර්තනය කර ගැනීමට එකම පිතිකරුවකු හෝ අසමත් වීම නිසා ලකුණු 300 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් පිලට අහිමිවිය.

කෙසේ වෙතත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ සොනාල් දිනූෂ සහ චමිඳු විජේසිංහ ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් 260 දක්වා ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව රැගෙන ගියහ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest