slc
Home   |    News
නොවැම්බර් 5, 2019
යොවුන් ටෙස්ට් තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් පිල අතර කුල්නාහි පැවැති දෙවැනි යොවුන් ටෙස්ට් තරගය අද (05 දා) ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය. තරගයේ සිව්වැනි සහ අවසන් දිනයේදී තරගය නවතා දමන විට ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3 ක් ලුණු 37 ක් ඇතුළතදී දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිලට අත්කර දීමට සමත්වූහ. 

තරගයේ පළමු දින 3 දී බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර සැබෑවක් වන නමුත්, අවසන් දිනය වූ අද දිනයේදී සමස්ථ තරගයේම පාලනය අතට ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 346 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවීය. ලකුණු 170 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 346 ක් ලබා සිටියදී  ප්‍රතිවාදී පිලට පන්දුවට පහර දීමේ අවස්ථාවද ලබා දුන්නේය.

කඩුලු 5 ක් අතැතිව දෙවැනි ඉනිමේදී බංග්ලාදේශ පිලට වඩා ලකුණු  17 ක් ඉදිරියෙන් හිඳ සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ නිපුන් ධනංජය ලකුණු 81 ක් ලබා ගත්තේය. හෝරා 8 කටත් වැඩි කාලයක් තිස්සේ කඩුල්ලේ රැඳී සිටි නිපුන් ඒ සඳහා පන්දු 318 කට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් මුදවා ගැනීමේ දැඩි අධිෂ්ඨානය පෙර දැරිවය. සිව්වැනි දිනයේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතාවය පදනම්ව තරගාවලියේ වීරයා සම්මානයෙන්ද නිපුන් පිදුම් ලැබීය.

හතරේ පහර 4 කින් පමණක් සමන්විත වූ නිපුන්ගේ නායකත්වයේ ඉනිමට සාර්ථක තල්ලුවක් ලබා දුන් ලක්ෂාන් ගමගේ සහ දුනිත් වෙල්ලාලගේ ද ලකුණු 45 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වයක් දැක්වූහ. එහිදී ප්‍රථමයෙන්ම ලක්ෂාන් ගමගේට එක්වූ නායක නිපුන් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක්ද දුනිත් වෙල්ලාලගේ සමඟ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක්ද රැස් කරමින් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියහ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 159 කින් ඉහළ දමා ගනිද්දී බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් දවා ගැනීමට සමත්වූයේ කඩුලු 4 ක් පමණක් වීම කැපී පෙනුණි.

ඉනිම අත්හිටුවීමත් සමඟ බංග්ලාදේශ පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හිමි වුණු නමුත් තරගය නිමා කරන විට ලකුණු 37 ක් ඇතුළත බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දැවී ගිය කඩුලු 3 න් 2 ක් අම්ෂි ද සිල්වා ද අනෙක් කඩුල්ල රවීන් ද සිල්වා විසින්ද දවා ගත්හ. 

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest