slc
Home   |    News
නොවැම්බර් 4, 2019
යොවුන් පිල අසීරු තත්වයක

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට සහ බංග්ලාදේශ යොවුන් පිල අතර කුල්නාහි පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (04 දා) දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 17 ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 5 ක් අතැතිවය.

තරගය නිමා වීම සදහා යවන ලද අවසන් පන්දුවාරයේදී කඩුලු රකින ක්‍රීඩක අවිශ්ක පෙරේරා දැවී යෑමත් සමඟ තෙවැනි දිනට තරගය නතර කිරීමට විනිසුරුවෝ කටයුතු කළහ. ඒ අනුව නායක නිපුන් ධනංජය පන්දු 116 කට මුහුණ දෙමින් ලකුණු 29 ක් ලබා තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීම සඳහා අවස්ථාව උදාකරගෙන සිටියි.

ලකුණු 170 ක් පසු පසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා යොවුන් පිලේ දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම දවා ගනු ලැබුවේ මෙහෙදි හසන්ය. පළමු ඉනිමේදී ලකුණු 73 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුෂාන් වික්‍රමසිංහ (24), තවීෂ කහදුවාරච්චිගේ (18) සහ සොනාල් දිනූෂගේ කඩුලු දවා ගනිමින් තරගයේ වැඩි වාසි බංග්ලාදේශ යොවුන් පිලට අත්කර දීමට හසන් සමත්වූවේය.

පළමු ඉනිමට සාපේක්ෂව දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර ඒ අතරින් කැපී පෙනුණු සොනාල් දිනූෂ ලකුණු 55 ක් ලබා ගත්තේය. පන්දු 148 කට මුහුණ දුන් සොනාල් සිව් වතාවක් පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් යුගල මුළු ලකුණු සංඛ්‍යාව 44 ක් වන විට දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට එක්වූ රවිඳු රසාන්ත සහ සොනාල් දිනූෂ ලකුණු 63 ක් එක් කරමින් සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ මූලික අඩිතාලම එක් කළහ. එහෙත් මෙහෙරාබ් හසන්ගේ ගොදුරක් ලෙසින් ලකුණු 33 ක් ලබා සිටි රසාන්ත දැවී යෑම නිසා එම වටිනා සම්බන්ධතාවයද නිමාවට පත්විය. සොනාල් දිනූෂට එක්වූ නායක නිපුන් ධනංජය ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 49 ක් එක් කළහ.

කඩුලු 8 කට ලකුණු 321 ක් ලෙසින් තෙවැනි දිනය ඇරඹූ බංග්ලාදේශ යොවුන් පිල ඉතිරි කඩුලු 2 ඇතුළත තවත් ලකුණු 33 කින් සිය ඉනිම ඉහළ දමා ගත්තේය. නායක නිපුන් ධනංජය විසින් ශහින් හොසේන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 342 කට සීමාවිය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් අතින් අතිරේක ලකුණු 34 ක් ප්‍රදානය කිරීමද කැපී පෙනෙයි. කඩුලු රකින්නා අතින් (බයිස්) ලබා දුන් ලකුණු 10 ක්, පා ලකුණු (ලෙග් බයිස්) 2 ක්, නිපන්දු (නෝ බෝල්) 12 ක් සහ වයිඩ් පනස්දු 10 කින් එම අතිරේක ලකුණු  34 සමන්විත විය.

පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු නායක නිපුන් ධනංජය ලකුණු 35 කට ප්‍රතිවාදී කඩුලු 4 ක් දවා ගනිද්දී කුෂාන් වික්‍රමසිංහ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest