slc
Home   |    News
නොවැම්බර් 26, 2019
යොවුන් ලෝක කුසලානෙට පෙර ශ්‍රී ලංකාවට එක්දින තරග 7 ක්

Sri Lanka Cricket

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මේ මස 29 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

ලබන වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 06 වැනිදා සිට 21 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මස 30 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟා වුවද පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ දින 7 කට පසුව හෙවත් දෙසැම්බර් මස 06 වැනිදාය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් පැවැත්වෙන එම තරගයේදී ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතය.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා යොවුන් පිල ඇන්ටිගුවා XI කණ්ඩායම සමඟ ලබන මස 03 වැනිදා පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතව තිබේ. අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 10 කින් සමන්විත මෙම තරගාවලිය යටතේ සෑම කණ්ඩායමක්ම තෙවතාවකදී එකිනෙකා මුණ ගැසෙන සේ මූලික තරග වටය පැවැත්වෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් පිලට එම තරග වටය යටතේ තරග 6 කට සහභාගිවීමට නියමිතය. 

තරගාවලියේ සියළුම තරග ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ කූලිජ් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන දෙසැම්බර් මස 21 වැනිදා කූලිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.  ඒ අනුව මූලික තරග වටය යටතේ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත් වුවහොත් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එක්දින තරග 7 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
දෙසැම්බර් 06ශ්‍රී ලංකාව සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් 
දෙසැම්බර් 07ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් 
දෙසැම්බර් 09බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 10ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 12ශ්‍රී ලංකාව සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 13බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයකූලිජ්
දෙසැම්බර් 15ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්කූලිජ්
දෙසැම්බර් 17ශ්‍රී ලංකාව සහ එංගලන්තයකූලිජ්
දෙසැම්බර් 19බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයකූලිජ්
දෙසැම්බර් 21අවසන් මහ තරගයකූලිජ්

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest