slc
Home   |    News
නොවැම්බර් 26, 2019
ලකුණු සමවූ තරගයේදීත් හර්ෂිතාගෙන් පිත්තෙන් දක්ෂතා

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ දෙපිළටම ජයග්‍රහණය දෝලනය වෙමින් පැවැති මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ලකුණු සම තරගයක් ලෙසින් අද (26 දා ) පස්වරුවේ නිමාවට පත්විය.

අඩු ලකුණු සංඛ්‍යාවන් මත ප්‍රථිඵලය තීරණය වුණු මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියළු දෙනා ලකුණු 78 කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නියෝ සමත්වූහ. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව යැවීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරගය යළිත් ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි විය. 

මෙම තත්ත්වය මත තරගයේ ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පැටවුණු අතර තරගය පැවැති ලකුණු සංඛ්‍යාවන් සංසන්දනය කිරීමේදී එය ලකුණු සමවූ තරගයක් බවට තීරණය විය. තරගය නිමා කරන අවස්ථාව වන විට දැවී ගොස් තිබූ කඩුලු 7 ට අනුව මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 68 ක් බවට පත් වුවත් ඒ වන විටත් මහනුවර පිතිකාරිණියන් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්ව සිටියේ ලකුණු 67 ක් පමණක් බැවින් තරගය ලකුණු සමවූ තරගයක් ලෙසින් නිමාවට පත්විය.

මෙම තරගාවලිය යටතේ මහනුවර කණ්ඩායම තරග වැදි දෙවැනි තරගය මෙය වන අතර මීට පෙර දඹුල්ල කණ්ඩායමට  එරෙහිව පැවැති පළමු තරගය ජය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව මෙම තරගයද ලකුණු සමවූ බැවින් දෙපිළටම හිමි සම ලකුණු හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට හිමිවිය.

එම ලකුණු හඹා යෑමේදී මහනුවර පිල වෙනුවෙන් කැපී පෙනුණු එකම පිතිකාරිණිය වූයේ නායිකා හර්ෂිතා මාධවීය. ඇය අද දිනයේදී පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගත්තාය. පළමු තරගයේදීද අර්ධ ශතකයක් රැස් කරමින් නොදැවී ලකුණු 66 ක් ලබා ගත් හර්ෂිතා මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණීම කැපී පෙනිණ. 

හතරේ පහර 8 කින් සමන්විත හර්ෂිතාගේ ඉනිම හැරුණු කොට පන්දුවට පහර දීමට පැමිණි සෙසු එකම පිතිකාරිණියක හෝ ලකුණු 06 සීමාවෙන් ඔබ්බට ලකුණු රැස් කිරීමට අසමත් වූහ. සිය අන්තය ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් හර්ෂිතා කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑමකට හසු නොවන්නට මෙම තරගයේ ප්‍රථිඵලය බොහෝ විට මහනුවර කණ්ඩායමේ වාසියට සිටිනු නොඅනුමානය.

කෙසේ වෙතත් පන්දු යැවීමෙන් කැපී පෙනුණු මල්ෂා ෂෙහාන් සිය පන්දුවාර 4 දී ලකුණු 06 ක් පමණක් ප්‍රතිවාදී ප්‍රතිවාදී පිතිකාරිණියන් හමුවේ ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමේ පිතිකාරිණියන්ටද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි විය. එහිදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ක්‍රිෂාන්ති සඳමාලි පමණි. ක්‍රිෂාන්ති තම පිත්තෙන් ලකුණු 18 ක් රැස් කර ගනිද්දී, අනුෂිකා සංජීවනී (15) සහ යශෝධා මෙන්ඩිස් (13) ලකුණු 10 සීමාව ඉක්මවා පිතිකාරිණියෝ බවට පත්වූහ. 

ගාල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳ දමද්දී උමේෂා තිමාෂානි ලකුණු 14 කට කඩුලු 2 ක් බිඳ දැම්මාය.

ලකුණු සාරාංශය – ගාල්ල කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 78 යි – ක්‍රිෂාන්ති සඳමාලි 18, අනුෂිකා සංජීවනී 15, යශෝධා මෙන්ඩිස් 13, සචිනි නිසංසලා 13/4, උමේෂා තිමාෂානි 14/2, කවීෂා දිල්හාරි 12/1, සත්‍යා සංදීපනී 13/1)

මහනුවර කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 7 ට ලකුණු 67 යි – (හර්ෂිතා මාධවී 44, මල්ෂා ෂෙහානි 06/3, උදේෂිකා ප්‍රබෝදනී 17/1, තෙලීෂ්‍යා චතුරංගි 06/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest