slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2019
ලකුණු සමවූ තරගයේදීත් හර්ෂිතාගෙන් පිත්තෙන් දක්ෂතා

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ දෙපිළටම ජයග්‍රහණය දෝලනය වෙමින් පැවැති මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ලකුණු සම තරගයක් ලෙසින් අද (26 දා ) පස්වරුවේ නිමාවට පත්විය.

අඩු ලකුණු සංඛ්‍යාවන් මත ප්‍රථිඵලය තීරණය වුණු මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියළු දෙනා ලකුණු 78 කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නියෝ සමත්වූහ. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව යැවීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරගය යළිත් ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි විය. 

මෙම තත්ත්වය මත තරගයේ ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පැටවුණු අතර තරගය පැවැති ලකුණු සංඛ්‍යාවන් සංසන්දනය කිරීමේදී එය ලකුණු සමවූ තරගයක් බවට තීරණය විය. තරගය නිමා කරන අවස්ථාව වන විට දැවී ගොස් තිබූ කඩුලු 7 ට අනුව මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 68 ක් බවට පත් වුවත් ඒ වන විටත් මහනුවර පිතිකාරිණියන් ලකුණු පුවරුවේ රැඳවීමට සමත්ව සිටියේ ලකුණු 67 ක් පමණක් බැවින් තරගය ලකුණු සමවූ තරගයක් ලෙසින් නිමාවට පත්විය.

මෙම තරගාවලිය යටතේ මහනුවර කණ්ඩායම තරග වැදි දෙවැනි තරගය මෙය වන අතර මීට පෙර දඹුල්ල කණ්ඩායමට  එරෙහිව පැවැති පළමු තරගය ජය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව මෙම තරගයද ලකුණු සමවූ බැවින් දෙපිළටම හිමි සම ලකුණු හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට හිමිවිය.

එම ලකුණු හඹා යෑමේදී මහනුවර පිල වෙනුවෙන් කැපී පෙනුණු එකම පිතිකාරිණිය වූයේ නායිකා හර්ෂිතා මාධවීය. ඇය අද දිනයේදී පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගත්තාය. පළමු තරගයේදීද අර්ධ ශතකයක් රැස් කරමින් නොදැවී ලකුණු 66 ක් ලබා ගත් හර්ෂිතා මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණීම කැපී පෙනිණ. 

හතරේ පහර 8 කින් සමන්විත හර්ෂිතාගේ ඉනිම හැරුණු කොට පන්දුවට පහර දීමට පැමිණි සෙසු එකම පිතිකාරිණියක හෝ ලකුණු 06 සීමාවෙන් ඔබ්බට ලකුණු රැස් කිරීමට අසමත් වූහ. සිය අන්තය ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් හර්ෂිතා කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑමකට හසු නොවන්නට මෙම තරගයේ ප්‍රථිඵලය බොහෝ විට මහනුවර කණ්ඩායමේ වාසියට සිටිනු නොඅනුමානය.

කෙසේ වෙතත් පන්දු යැවීමෙන් කැපී පෙනුණු මල්ෂා ෂෙහාන් සිය පන්දුවාර 4 දී ලකුණු 06 ක් පමණක් ප්‍රතිවාදී ප්‍රතිවාදී පිතිකාරිණියන් හමුවේ ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමේ පිතිකාරිණියන්ටද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි විය. එහිදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ක්‍රිෂාන්ති සඳමාලි පමණි. ක්‍රිෂාන්ති තම පිත්තෙන් ලකුණු 18 ක් රැස් කර ගනිද්දී, අනුෂිකා සංජීවනී (15) සහ යශෝධා මෙන්ඩිස් (13) ලකුණු 10 සීමාව ඉක්මවා පිතිකාරිණියෝ බවට පත්වූහ. 

ගාල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳ දමද්දී උමේෂා තිමාෂානි ලකුණු 14 කට කඩුලු 2 ක් බිඳ දැම්මාය.

ලකුණු සාරාංශය – ගාල්ල කණ්ඩායම පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 78 යි – ක්‍රිෂාන්ති සඳමාලි 18, අනුෂිකා සංජීවනී 15, යශෝධා මෙන්ඩිස් 13, සචිනි නිසංසලා 13/4, උමේෂා තිමාෂානි 14/2, කවීෂා දිල්හාරි 12/1, සත්‍යා සංදීපනී 13/1)

මහනුවර කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 7 ට ලකුණු 67 යි – (හර්ෂිතා මාධවී 44, මල්ෂා ෂෙහානි 06/3, උදේෂිකා ප්‍රබෝදනී 17/1, තෙලීෂ්‍යා චතුරංගි 06/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee