slc
Home   |    News
නොවැම්බර් 14, 2019
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු ටෙස්ට් තරග සංචාරය ස්ථීර වෙයි

Sri Lanka Cricket

පළමු තරගය රාවල්පිණ්ඩි – දෙවැන්න කරච්චිහිදී

එක්දින සහ විස්සයි-20 තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන දෙසැම්බර් මසදී තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමට අද (14  දා) තීරණය කළේය. ඒ අනුව ගෙවී ගිය වසර 10 ක කාලය ඇතුළත පාකිස්තානය සමඟ ඔවුන්ගේ මවුබිමේදී තරග වදිනු ලබන පළමු රට බවට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු තරගය රාවල්පිණ්ඩිහි පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේද දෙවැන්න දෙසැම්බර් මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

මූලික සැලසුම අනුව ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් මසදී වුවත් එරට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබද තක්සේරුවක් ලබා ගැනීම පිණිස සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන තරග හෙවත් එක්දින සහ විස්සයි-20 තරගාවලිය ප්‍රථමයෙන් පැවැත්වීමට තීරණය විය. එම තරගාවලිය යටතේ එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු පිල සමත් වුවත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම තරග සංචාරයේදී 8500 කට අධික ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට පාකිස්තානු රජය පියවර ගෙන තිබුණි.

මෙම තරග සංචාරය තහවුරු කිරීම පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, පෙර පැවැති තරගාවලියේදී ලබා දුන් ආරක්ෂාව මත පදනම්ව ටෙස්ට් තරගාවලිය සඳහා අනුමැතිය ලබාදීමට පියවර ගත් බවයි. “ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන සියළුම රටවල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තමන්ගේ රටේ පැවැත්විය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ අනුව පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළිත් පැවැත්වීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබා දුන් බව සතුටින් දැනුම් දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මුල් කාලයේදී ඉදිරියට එන්න පාකිස්තානය අපිට දුන්න දායකත්වය අති විශාලයි”යි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

“ටෙස්ට් ලෝක ශූරතාව ආරම්භ කරමින් අපි ප්‍රථමයෙන්ම නවසීලන්තය සමඟ තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත්තා.ඒ අනුව මම අපේක්ෂා කරනවා මේ තරගාවලියත් පෙර තරගාවලි පරිදිම තරගකාරී මෙන්ම වඩා සිත් ඇදගන්නා සුළු අයුරින් පැවැත්වේවි කියලා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ගුණාත්මකභාවය රසිකයින් විසින් හොඳින් විඳ ගනු ඇති බවත් අපේක්ෂා කරනවා”යි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

පාකිස්තානයේදී අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ ඉකුත් 2009 වසරේදී වන අතර එම තරගාවලිය ශ්‍රී ලංකාව සමඟ පැවැත්විණි. එහෙත් මාර්තු මස 03 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් ලාහෝර්හිදී එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් කිසිම කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග නොකළහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest