slc
logo
Home   |    News
නොවැම්බර් 18, 2019
නැගී එන කණ්ඩායමට ලකුණු 90 ක පරාජයක්

Sri Lanka Cricket

ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වීම නිසා නැගී එන කණ්ඩායම් අතර ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොක්ස් බසාර්හි පැවැති එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අත්විඳීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුකණු 184 ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හිමි වුවද මොහොමඩ් හස්නේන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 30 කුත් පන්දු 4 කදී ලකුණු 93 කට සීමා විය. ශ්‍රී ලංකා පිල අන්ත අසරණත්වයකට ඇද දැමූ මොහොමඩ් හස්නේන් පන්දුවාර 7 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 6 ක් බිඳ දැම්මේ නොතිබූ ජයග්‍රහණයක් පාකිස්තානු පිලට උදා කර දෙමිනි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිස්සංක (34), හසිත බෝයගොඩ (22) සහ රමේෂ් මෙන්ඩිස් (19) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූහ. අදාළ හඹා යෑමේදී මිනෝද් භානුක ලකුණු 02 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වූ පැතුම් නිස්සංක සහ හසිත බෝයගොඩ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් එක් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමූහ.

එහෙත් පන්දු 3 ක් ඇතුළත මොවුන් දෙදෙනාම දවා ගැනීමට කුෂ්දිල් ෂා සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ඇරඹිණ. සිව්වැනි කඩුල්ලට එක්වූ නායක චරිත් අසලංක සහ උප නායක කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සාහ ගනු ලැබුවද එහිදී ප්‍රථමයෙන්ම නායක අසලංකව දවා ගත් මොහොමඩ් හස්නේන් ජයග්‍රහණය සඳහා වන ප්‍රධානම අඩිතාලම එක් කළේය. අසලංකගේ දැවී යෑමත් සමඟ කිසිම පිතිකරුවකුට හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් හස්නේනි සහ උමර් ඛාන් ඉතිරි කඩුලු 7 ම ලකුණු 04 ක් ඇතුළත බිඳ දැමූහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු නැගී එන කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලුදෙනාම ලකුණු 183 කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන් ලෙස ස්ථාවර වීමට නොහැකි වීම මෙම තරගයේ පරාජයට ප්‍රධානම හේතුව විය.

පාකිස්තානු නැගී එන පිල වෙනුවෙන් රොහෙයිල් නසීර් ලකුණු 37 ක්ද කුෂ් දිල් ෂා ලකුණු 32 ක් ද රැස් කරමින් එම ලකුණු පුවරුව ඉහළ දැමූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අමිල අපෝන්සෝ සහ කලන පෙරේරා කඩුලු 2 බැගින් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන් අසීරුවේ දැමූහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee