slc
logo
Home   |    News
නොවැම්බර් 14, 2019
බංග්ලාදේශ යොවුන් පිල 2-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියට එති

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැති නිල නොවන තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමටද සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හැකියාව ලැබිණ.

 ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක නිපුන් ධනංජයගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 341 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කඳවුර හමුවේ ලබා දුන්නද එය හඹා යෑමේදී ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 31.2 කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 179 ක් පමණි.

එම හඹා යෑමේදී වේගවත් ආරම්භයක් ලබා ගත් නවෝද් පරණවිතාන සහ මොහොමඩ් ශමාස් පන්දු 35 කදී ලකුණු 64 ක් ලබා සාර්ථක ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙම තරගයේදී හිස එසවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

පන්දුවට පහර දීමේදී කැපී පෙනුණු පරණවිතාන හතරේ පහර 9 ක් සමඟින් පන්දු 32 කදී ලකුණු 50 ක් රැස් කළ අතර ශමාස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 16 කදී ලකුණු 29 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළින් සාර්ථක වූ අනෙක් එකම පිතිකරුවා වූයේ අවිෂ්ක පෙරේරා වන අතර හේ පන්දු 32 කදී ලකුණු 20 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් විය.

ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ දැමීමේ පෙර ගමන්කරුවන් වූ තන්සිම් හසන් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිඳ දමද්දී, ශමීම් හුසේන්, අවිෂේක් දාස්, රකිබුල් හසන් සහ ශහදාත් හොසේන් කඩුල්ල බැගින් දවා ලමින් ශ්‍රී ලංකා ඉනිම අඩ පණ කළ දැමූහ.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙනු සුවිශේෂී පිතිහරඹයක් දියත් කල තව්හිඩ් රිඩෝයි නොදැවී ලකුණු 123 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සඳහා වූ මං පෙත් විවර කර දුන්නේය. හයේ පහර 6 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වුණු රිඩෝයිගේ මෙම සුවිශේෂී ඉනිම සඳහා පන්දු 98 කට පමණක් මුහුණ දුන්නේය.

රිඩෝයි ට අනගි සහායක් ලබා දුන් ටැන්සිඩ් හසන් (60), හසන් ජෝයි(52) සහ අක්බර් අලී (52) අර්ධ ශතක ලබා ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට වැඩි දායකත්වයක් දැක්වූහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee