slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2019
නැගීඑන ආසියානු ශූරතාවලියේ ශ්‍රී ලංකා බලාධිකාරිය බිඳ වැටෙයි

Sri Lanka Cricket

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමට පාකිස්තානු නැගී එන කණ්ඩායම සමත්විය. ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී සත්කාරක බංග්ලාදේශ පිල ලකුණු 77 ක පරාජයකට ඇද දැමු පාකිස්තානු ක්‍රීඩකයෝ සිව්වැනි වරටත් පැවැති නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 302 ක ඉලක්කයක් සත්කාරකයින් හමුවේ තැබූ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 43.3 කදී ලකුණු 224 කට සීමා කළ මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන පන්දු යවන්නෝ ප්‍රථම වතාවට නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව පාකිස්තානට අත්කර දුන්හ. 2013 වසරේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් ලෙස ඉන්දියාව කිරුළ පැළැඳි අතර අනතුරුව 2017 සහ 2018 යන වසර වල පැවැති තරගාවලි ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. 

කුසලාන පාකිස්තානයට දිනා දීම වෙනුවෙන් ශයිෆ් බාබර් සහ කුෂ්දිල් ෂා කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඒ අතරින් කැපී පෙනුණු මොහොමඩ් හස්නේන් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් පාකිස්තානු පිල ජය කණුව කරා රැගෙනන ගියහ. බංග්ලාදේශ පිල වෙනුවෙන් අෆීෆ් හොසේන් (49), නායක අජ්මුල් හුසේන් (සහ මෙහෙදි හසන් (42) අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියහ. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු නැගි එන කණ්ඩායම වෙනුවෙන් රොහේල් නසීර් ලකුණු 113 ක් ලබා ලකුණු 300 සීමාව සඳහා වූ අඩිතාලම පාකිස්තානු පිලට විවර කර දුන්නේය. පන්දු 111 කින් සමන්විත රොහේල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් විය. 

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි රොහේල් ඉම්රාන් රාෆික් (62) සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලලකුණු 117 ක සම්බන්ධතාවයක් ගොඩනංවන ලද්දේ පන්දු 152 ක් වැය කරමිනි. ඉන් නොනැවතුණු රොහේල් නායක සෞද් ශකීල් සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩ නංවමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමූහ. එම සම්බන්ධතාවය වෙනුවෙන් ශකීල්ගේ දායකකත්වය පන්දු 40 කදී ලකුණු 42 කි.

තරගයේ දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් රොහේල් නසීර් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද සමස්ත තරගාවලියේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ සෞම සර්කාර්ද පිදුම් ලැබීය. 

ඒ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටය යටතේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඕමානය හමුවේ තරග වැදුණු තරග  3 ම පරාජයට පත්වූයෙන් මූලික වටයෙන්ම ඉවතට විසිවිය. මෙම තරගයේ තරග තීරකවරයා ලෙස ශ්‍රී ලාංකික තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ විනිසුරුවන් දෙපළගෙන් එක් අයෙක් ලෙස ශ්‍රී ලංකාවේ විනිසුරුවරයෙකු වන ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු කටයුතු කළහ. 

ලකුණු සාරාංශය – පාකිස්තානය පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 301 යි – (රොහේල් නසීර් 113, ඉම්රාන් රාෆික් 62, සෞද් ශකීල් 42, කුෂ්දිල් ෂා 27, හයිඩර් අලී 26, සුමොන් ඛාන් 75/3, හසන් මහමුද් 52/2)

බංග්ලාදේශය පන්දුවාර 43.3 කදී සියලු දෙනා දැවී ලකුණු 224 යි – (අෆීෆ් හොසේන් 49, මෙහෙඩි හසන් 42, නජ්මුල් හොසේන් 46, යසීර් අලී 22, මොහොමඩ් හස්නේන් 32/3, කුෂ්දිල් ශා 39/2, සයිෆ් බාදර් 27/2)

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee