slc
Home   |    News
දෙසැම්බර් 4, 2019
අපි සාග් යන්නේ රන් පදක්කම අපේක්ෂාවෙන් – ප්‍රධාන පුහුණුකරු ලංකා ද සිල්වා කියයි

Sri Lanka Cricket

මෙවර සාග් ක්‍රීඩා උලෙළේ කාන්තා නැගී එන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවන්නේ රන්පදක්කම මව්බිමට ගෙන ඒමේ අපේක්ෂාවෙන් බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලංකා ද සිල්වා ප්‍රකාශ කරයි.

සාග් තරගාවලියට සූදානම්වීම සදහා අප පසුගිය දිනවල හොදින් පුහුණුවූවා ඊට අමතරව සුපිරි අන්තර් පළාත් තරගාවලියේදී මහනුවර කණ්ඩායම ලෙස ක්‍රීඩාකළ අප ජ්‍යෙෂ්ට ජාතික ක්‍රීඩිකාවන් සමග සාර්ථකව තරගවැදී වඩා ශක්තිමත් වූවා යැයිද තරගාවලියට යාමට පෙර ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ලංකා ද සිල්වා කීය.

නායිකාව හර්ෂිතා මාධවී, සත්‍යා සංදීපනී, කවීෂා දිල්හාරි සහ උමේෂා නිමේෂිණී මේ දිනවල උසස්ම අයුරින් දස්කම් දක්වන හෙයින් කණ්ඩායමම ප්‍රබල තත්ත්වයක සිටිනවා. අපට තරග කිරීමට සිදුව තිබෙන්නේ නේපාලයේ කොකාරා නගරයේදී යි. අපට තරගයක් පවතින්නේ බංග්ලාදේශය සමග පමණයි. බංග්ලාදේශය මෙහි පැවැති ආසියානු කුසලාන තරගාවලියට ඉදිරිපත් කළ කණ්ඩායමම මේ තරගාවලියටත් ඉදිරිපත්කරාවි. අප ඔවුන්ව මෙහිදී පරාජය කර තිබෙනවා.බොහෝදුරට මේ තරගාවලිය ජයගැනීමට අපට අවස්ථාව තිබෙන්නේයැයි ලංකා ද සිල්වා පවසයි.

කළමණාකරු නිශාන්ත ද සිල්වා මෙසේ කියයි

අපගේ නැගී එන කණ්ඩායමේ පන්දු රැකීම ජාතික කාන්තා කණ්ඩායමේ පන්දු රැකීමටත් වඩා හොදින් තිබෙනවා. අපගේ ක්‍රීඩිකාවන් පසුවන්නේ හොද ආත්ම විශ්වාසයකින්. මා පෞද්ගලිකව සියයට සියයක්ම විශ්වාස කරනවා අපට සූරතාව දිනාගැනීමට හැකිවේවි කියලා.

ඉන්දියාවයි පාකිස්තානයයි මේ තරගාවලියට සහභාගි නොවන බවට දැනුම්දී තිබෙනවා. නැවත සකස් කරන ලද තරග සටහනෙත් එය සදහන්වනවා. අපගේ අපේක්ෂාව 8වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට සහභාගිවී සූරතාව දිනා ගැනීම යැයි කළමණාකරු නිශාන්ත ද සිල්වා කියයි.

කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවී මෙසේ කියයි

සාග් තරගාවලියට අප හොද පුහුණුවක් ලබා සිටිනවා. මෙහි පැවැති ආසියානු කුසලාන තරගාවලිය සහ සුපිරි අන්තර පළාත් තරගාවලියට සහභාගිවීමෙන් අපගේ ක්‍රීඩිකාවන් තවත් ප්‍රබලවූවා. අපට ආරංචි ලැබී ඇති ආකාරයට ඉන්දියාව සහ පාකිස්තානය මෙයට සහභාගිවන්නේ නෑ. කුමන තත්ත්වයක වුවද හොදින් ක්‍රීඩාකිරීම තම කණ්ඩායමේ අපේක්ෂාව බව හර්ෂිතා මාධවී ප්‍රකාශ කළාය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest