slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2019
අයර්ලන්තය සමඟ ටෙස්ට් තරගය කල් යයි

Sri Lanka Cricket

එළැඹෙන 2020 වසරේ ආරම්භයේදී අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. මූලික තරග කාල සටහනට අනුව ටෙස්ට් තරගයක් පමණක් ඇතුළත්ව තිබුණු මෙම තරගාවලිය ලබන ජනවාරි මස සහ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විකාශන අයිතිය ලබා දීම සම්බන්ධව 2013 වසරේදී ගිවිසුම් අත්සන් තැබීමේදී අයර්ලන්ත සමඟ තරගයක් සිය තරග කාල සටහනට ඇතුළත්ව නොතිබූ බවත් එම අත්සන් තැබීමෙන් පසු අයර්ලන්තයට ටෙස්ට් වරම හිමිවූ බවත් සඳහන් කර තිබේ. 

ඒ අනුව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් අනුව මෙම තීරණයට එළැඹි බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී තරගාවලිය විකාශන අයිතිය අළුත් කිරීමේදී ගිවිසුම් ගත වීමට නියමිත තරග කාල සටහනට ඇතුළත් කරමින් තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විකාශන අයිතිය නැවත අළුත් කිරීම ලබන 2020 වසරේදී සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 

මූලික තරග සැලසුමට අනුව අයර්ලන්ත කණ්ඩායම පෙබරවාරි මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකාව සමඟ එක් ටෙස්ට් තරගයකට සහභාගිවීමට නියමිතව තිබිණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි
    ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. […]
  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee