slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2019
කැපකළ සේවයට පෑ උපහාරය අනර්ඝය…

Sri Lanka Cricket

වසරක් පුරා රට දැය වෙනුවෙන් දහඩිය මහන්සිය හෙළා කැපවීමෙන් අධිෂ්ඨානයෙන් මව්බිමට ගෞරවය හා කීර්තිය ගෙන දුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩකාවන් ඇගැයීමට ළක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගහරුවාදා (3) රාත්‍රි සංවිධානය කළ වර්ණ ප්‍රදානෝත්සව වර්ණ රාත්‍රියෙන් මුළු පෙදෙසම වර්ණවත් බවක් ඉසිලීය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් හා ගෞරවය නිතරම ගෙන එන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවය. ජනතාවත් මේ ක්‍රීඩාවට හදපත්ලෙන්ම ඇළුම්කරති. මෙවැනි තත්ත්වයක පවත්වාගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමට ළක්කළ වර්ණ ප්‍රදාන රාත්‍රිය විශිෂ්ටවේ.

ටෙස්ට් එක්දින 20-20 හා දේශීය ක්‍රිකට් තරගාවලියන්හි විශිෂ්ට දස්කම් දැක්වූ හොදම පිතිකාරුවන් පිතිකාරිණියන් පන්දු යවන්නන් තුන්ඉරියව් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2018 අගෝස්තුවේ සිට වසරක් තුළ සූරතා අනුසූරතා දිනූ කණ්ඩායම් ඇතුළු විවිධ අංශයන්ට මෙදින සම්මාන පණහකට ආසන්න සංඛ්‍යාවක් පිරිනැමිණි. සම්මාන උලෙළට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රුවන් චන්ද්‍ර මහතා සහභාගිවිය. උත්සවය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාත් ලේකම් මොහාන් ද සිල්වා මහතාත් රැස්ව සිටි ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ පන්සීයය කට අධික පිරිස අමතා ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ඔවුන් කරන සේවාවට කෘතඥතාව පළ කළහ. විශේෂ ආරාධිත අමුත්තකු ලෙස මේ අවස්ථාවට එක්ව සිටියේ දැඩි ක්‍රිකට් ලෝලියෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා ක්‍රිකට් ආයතනය දියත් කර ඇති දියුණු ක්‍රමවත් සැලසුම මත යහපත් ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවනගෙන් තමා ඉල්ලා සිටින්නේ කැපවීමෙන් ක්‍රීඩාකර රටට කීර්තිය හා ගෞරවය ගෙන ඒමට ක්‍රියාකරන මෙන් යැයි පැවසීය. ක්‍රිකට් මෙරට ජනතාවගේ ජිවීතයේ එක් අංගයකි. ඔවුනගේ පැතුම් ඉටු කිරීමත් ක්‍රීඩාව සංවර්ධනය කිරීමත් අපගේ යුතුකමකැයිද ඒ මහතා කීය. රජය වෙනුවෙන් මේ අවස්ථාවේ එක්වූ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රුවන් චන්ද්‍ර මහතා කියා සිටියේ දැනට පාසල් හයසියයක් සහභාගිවන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සමග එක්ව පාසල් දහසකට හදුන්වාදීමට ක්‍රියාකරන බවය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා 70ක් පමණ පවතින බව කී ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩාව ඒ අතුරින් රටට කීර්තිය අත්කර දීමට මුල්තැන ගෙන ඇතැයිද කීය. ක්‍රිකට් ආයතනය මේ උත්සවය සාර්ථකව වාර්ෂිකව පවත්වන බව කී මොහාන් ද සිල්වා මහතා තරුණ ක්‍රීඩකයනට ඉදිරියට ඒමට තම ආයතනය විශාල කාර්යභාර්යයක් ඉටුකරන්නේ යැයි කීවේය.

ක්‍රිකට් ක්‍රීඩාව මීට වසර 200කට පෙර ඉංග්‍රීසි ජාතිකයන් විසින් මෙරටට හඳුන්වා දුන් අතර එතැන් සිට මෙරට ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමෙන් මේ දක්වා විවිධ ලෝක වාර්තා රැසක්ම බිහිකර සිටිති. ඒ අතරම 1996 ලෝක ක්‍රිකට් කුසලානයත් 2014 වසරේ 20-20 ලෝක කුසලානයත් දිනා ගත්තේ අප ක්‍රීඩකයන්ය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar