slc
Home   |    News
දෙසැම්බර් 15, 2019
කොදෙව්වන් අන්ත පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා යෞවනයෝ අපරාජිත බව රැක ගනිති

Sri Lanka Cricket

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් යොවුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවුණු තෙවැනි තරගය හෙවත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 130 ක දැවැන්ත ජයක් අත්ගත් ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලියේ තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට ඊයේ (15 දා) සමත්වූහ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 234 ක් රැස් කළ නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය පිල පන්දුවාර 34.4 කදී ලකුණු 104 කට සීමා කිරීමට කවිඳු නදීෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

තරගය අතරතුර ඇතිවූ ආබාධයක් හේතුවෙන් රැමොන්ඩ් සීමන්ස් පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටිය අතර දැවී ගිය සෙසු පිතිකරුවන් 9 දෙනාගෙන් 7 දෙනෙකුම කවිඳු නදීෂාන් සහ සුධීර තිලකරත්න බෙදා ගත්හ. එහිදී කැපී පෙනුණු කවිඳු පන්දුවාර 6.4 කදී ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගන්නා අතර වාරයේ සුදීර තිලකරත්න පන්දුවාර 6 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන්නද ඉදිරි පෙළ පිතිකරුවන්ට එතරම් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම සඳහා සත්කාරක පන්දු යවන්නෝ ඉඩ කඩ ලබා නොදුන්හ. ඉනිමේ 27 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 6 ම ලකුණු 95 කදී දවා දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියහ. 

අංක 5 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නිපුන් පන්දු 98 කදී නොදැවී ලකුණු 91 ක් රැස් කරන ලද්දේ හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිමිනි. එහිදී ප්‍රථමයෙන්ම 7 වැනි කඩුල්ල වෙනුවෙන් සුදීර තිලකරත්න සමඟ එක්වූ නිපුන්, ලකුණු 67 ක සම්බන්ධතාවයක්ද කවිඳු නදීෂාන් සමඟ එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක්ද එක් කරන ලද්දේ ලකුණු 234 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ පහස සලසාලමිනි. 

කණ්ඩායම අසීරු අවස්ථාවක වැටී සිටියදී පිතිකරුවකු වශයෙන් දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් එම තරගයේ වීරයා සම්මානයෙන් නිපුන් ධනංජය සම්මාන ලබද්දී ඔශුට අනගි සහායක් ලබා දුන් සුදීර තිලකරත්න ලකුණු 27 ක්ද කවිදු නදීෂාන් ලකුණු 11 ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවෙන මීළඟ තරගය අද (15 දා) එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟ කූලිජ්හිදී පැවැත්වේ. 

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest