slc
Home   |    News
දෙසැම්බර් 6, 2019
තුන්කොන් තරගාවලිය සඳහා යොවුන් පිල පිටත්ව යයි

Sri Lanka Cricket

ලෝක කුසලානෙට හොඳ පෙරහුරුවක් ෆර්වීස් මහරූෆ්

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද සහ හෙට (06 සහ 07 වැනි දිනයන්හිදී) කොටස් දෙකක් යටතේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය. 

ලබන වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 06 වැනිදා සිට 21 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල ඉකුත් නොවැම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිත වූවත් සංචිතයේ සිටි ක්‍රීඩකයින් කීප දෙනෙකුට වීසා පිළිබඳ ගැටළුවක් මතුවූයෙන් පිටත්ව යෑම මේ දක්වා කල් යෑමට හේතුවිය. කෙසේ වෙතත් ඉහතින් සඳහන් කර පරිදි කොටසක් ඇමරිකා එක්සත් ජනපදය හරහාත් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ ප්‍රධාන පුහුණුකරු එක්සත් රාජධානිය හරහාත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වා සිටි වයස අවුරුදු 19 න්  පහළ කණ්ඩායමේ කළමනාකරු ෆර්වීස් මහරූෆ් සඳහන් කර සිටියේ වීසා ගැටලුව විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි වෙහෙසක් ගත් බවත්, ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බවත්ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මහරූෆ් මහතා, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තරගාවලිය බැවින් මේ සඳහා හොඳ සූදානමකින් පසුවන බවද සඳහන් කර සිටියේය. “සූදානම ගැන කතා කළොත් හොඳ සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම යන්න පරක්කු වුණා කියලා අපි නිකං හිටියේ නෑ. පුහුණුවීම්වලදී උපරිම ප්‍රයෝජනය ගත්තා” යැයි පවසන කණ්ඩායම් කලමනාකාරවරයා, “කණ්ඩායම ගත්තත් අපි වෙනස්කම් කීපයක් කළා. කරන්න එක හේතුවක් තමයි යම් හේතුවක් මත බංග්ලාදේශ තරගාවලියට ඇතුළත් නොවුණු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමට පැමිණීම. ඔවුන්ගේ පැමිණීමත් සමඟ කණ්ඩායමේ සමබරතාවය ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. ඒ වගේම අපි මේ තරගාවලිය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දකුණු අප්‍රිකානු තත්ත්වයන් වලට හරියන විදියට. ඒ සඳහා අපි වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වෙලා හිටිය කණ්ඩායමට මේ වන විට තුන්දෙනෙක්ව කැඳවලා තියෙනවා. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන තමයි අපි ඒ සැලසුමට එළැඹියේ”යැයි කරුණු දක්වා සිටියේය. 

අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 10 කින් සමන්විත මෙම තරගාවලිය යටතේ සෑම කණ්ඩායමක්ම තෙවතාවකදී එකිනෙකා මුණ ගැසෙන සේ මූලික තරග වටය පැවැත්වෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් පිලට එම තරග වටය යටතේ තරග 6 කට සහභාගිවීමට නියමිතය. 

තරගාවලියේ සියළුම තරග ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ කූලිජ් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන දෙසැම්බර් මස 21 වැනිදා කූලිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.  ඒ අනුව මූලික තරග වටය යටතේ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත් වුවහොත් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එක්දින තරග 7 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

මෙම තරගාවලිය සඳහා පෙර ඇතුළත්ව සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙනුවට මීගමුව මාරිස්ටෙලා විදුහලේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නවීන් ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිල – නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර, නවෝද් පරණවිතාන, රවිඳු ද සිල්වා, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, ලක්ෂාන් ගමගේ, චමිඳු වික්‍රමසිංහ, අම්ෂි ද සිල්වා, නවීන් ප්‍රනාන්දු, යසිරු රොද්‍රගෝ, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනයෙල්, දිලුම් තිලකරත්න, කවිඳු නදීෂාන්. 

දිනයතරගයක්‍රීඩාංගණය
දෙසැම්බර් 06බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් 
දෙසැම්බර් 08බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් 
දෙසැම්බර් 10ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 11ශ්‍රී ලංකාව සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 12බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 14ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්කූලිජ්
දෙසැම්බර් 15ශ්‍රී ලංකාව සහ එංගලන්තයකූලිජ්
දෙසැම්බර් 17ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්කූලිජ්
දෙසැම්බර් 19ශ්‍රී ලංකාව සහ එංගලන්තයකූලිජ්
දෙසැම්බර් 21අවසන් මහ තරගයකූලිජ්

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest