slc
Home   |    News
දෙසැම්බර් 19, 2019
දින 3674 කට පසු ඇරැඹි ටෙස්ට් තරගයේදී පාකිස්තානය පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අද (19 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට දක්වනු ලබන වාසිය ප්‍රයෝජනය ගනිමින් එම තීරණයට එළැඹි බව පාකිස්තානු නායක අසාර් අලී කාසියේ වාසියෙන් අනතුරුව පවසා සිටියේය.

කරච්චි තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට ලබා දෙනු ලබන වාසිය ලබා ගැනීමේ අරමුණ ඇතිව දෙපිළම මෙම තරගයට විශේෂඥ දඟ පන්දු යවන්නකුගේ සහාය ලබා ගනිමින් තරගයට පිවිස සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය සඳහන් කළ ආකාරයටම මෙම තරගයේදී පාකිස්තානය උස්මාන් ශින්වාරි වෙනුවට පිට දඟ පන්දු යසීර් ෂාවද, ශ්‍රී ලංකාව කසුන් රජිත වෙනුවට වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියවද කැඳවමින් අවතීර්ණ වී සිටිති.

මේ අතර කාසියේ වාසිය අහිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, කාසියේ වාසිය හිමි වූයේ නම් තමන්ද ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය. “ඇත්තටම අපිටත් ඕන වුණේ පන්දුවට පහර දෙන්න. මොකද මේ තණතීරුව ගොඩක්ම පිතිකරුවන්ට හිතකර දායක බව පෙන්නුම් කරන නිසා. මුලින් පන්දුවට පහර දීලා ලොකු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවා ගන්න තමයි අපි අදහස් කළේ. නමුත් අවාසනාවකට කාසියේ වාසිය පැරදුණා”යි කරුණාරත්ව වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් 2009 වසරේදී එල්ල වුණු ප්‍රහාරයෙන් පසු කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් ක්‍රියාත්මක වන්නේ දින 3674 කට පසුව වීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න, 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. නිරෝෂන් දික්වැල්ල, 7. ධනංජය ද සිල්වා, 8. දිල්රුවන් පෙරේරා, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. ළහිරු කුමාර.

පාකිස්තානු පිල – 1. ශාන් මසූඩ්, 2. අබීඩ් අලී, 3. අසාර් අලී (නායක), 4. බාබර් අසාම්, 5. හැරිස් සොහෙල්, 6. අසාද් ශෆික්, 7. මොහොමඩ් රිස්වාන් , 8. යසීර් ෂා,  9. මොහොමඩ් අබ්බාස්, 10. නසීම් ෂා, 11. ශහීන් අෆ්රිඩි

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest