slc
Home   |    News
දෙසැම්බර් 11, 2019
ආරම්භක පිතිකරුවෝ වගකීම් ඉටු කරති

Sri Lanka Cricket

වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීමට පාකිස්තානු පිල සැලසුම් කර තිබුණද රාවල්පිණ්ඩිහි පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අද (11 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දින දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුණු ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 89 ක් ලකුණු පුවරුවේ රඳවමින් ස්ථාවරත්වයක් ගොඩනැංවීමට සමත්වූහ.  

පාකිස්තානු වේග පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණද ඒ සියල්ලට නිසි ලෙස පිත්තෙන් පිළිතුරු ලබා දුන් දිමුත් කරුණාරත්න තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 24 වැනි අර්ධ ශතකය සපුරා ගැනීමටද සමත්වූවේය. සමුහුණ දුන් 90 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සපුරා ගත් ශ්‍රී ලංකා නායකයා දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට තම ඉනිම ලකුණු 57 ක් දක්වා ඉහළ දමාගෙන සිටියේ පන්දු 99 කට මුහුණ දෙමිනි. 

මනරම් කවර් ඩ්‍රයිව් පහරවල් කීපයකින් සමන්විතව වූ දිමුත්ගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් කරගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් ඕෂද ලකුණු 26 ක් ලබා ගෙන සිටියේය. ආරම්භක පිතිකරු ස්ථානයෙන් උසස්වීම් ලබමින් පිටියට පිවිසි ඕෂධ, තමා පිළිබඳව තැබූ විශ්වාසය එලෙසින්ම රැක ගනිමින් පන්දුවට පහර දෙනු දැක ගත හැකි විය. තරග ආරම්භයේදී සිය ඕෂද සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීම පිළිබඳව කෙතරම් උත්සාහයක් දැරුවේද කිවහොත් තම පළමු ලකුණු 14 වැනි පන්දුවාරයේ වාර්තා කරගනිද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි දිමුත් ලකුණු 31 ක් ලබා ගෙන සිටීම කැපී පෙනුණි.

ඉවසීම ප්‍රගුණ කරමින් අනවශ්‍ය පහර වල් කරා නොගිය ඕෂද සිය ලකුණු 26 සඳහා පන්දු 57 කට මුහුණ දුන් අතර සිය ඉනිම හතරේ පහර 3 කින් සහ දිවා ආහාරයට පෙර හැරිස් සොහෙල් විසින් යවන ලද පන්දුවාරයේදී එල්ල කරන ලද හයේ පහරකින් තම ඉනිම අලංකාර කරගත්තේය. 

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පන්දුවාර 26 කදී කිසිවකු නොදැවී ලකුණු 89 යි – (දිමුත් කරුණාරත්න 57*, ඕෂධ ප්‍රනාන්දු 26*) 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest