ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුමුඛ පෙළ ක්‍රීඩා සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 14 වැනිදා සිට නම් කරන ලද ක්‍රීඩාංගණවලදී ආරම්භ වනු ඇත. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 4 ක් යටතේ ක්‍රීඩා සමාජ 25 ක් තරග වැදීමට නියමිතය.
මූලික වටය යටතේ තරගාවලිය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීඹට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ලබන 28 වැනිදා පැවැත්වෙනු ඇත. එම වටය යටතේ අදාළ කාණ්ඩයන්හි වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් 2 දෙවැනි වටය හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත.
අදාළ තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 29 වැනිදා ද අවසන් මහ තරගය ලබන 31 වැනිදා ද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
අවසන් වරට පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබූ එස්. එස්. සී. කණ්ඩායම මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩය යටතේද අනුශූරතාවට පත් සී. සී. සී. කණ්ඩායම බී කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ඒ ඒ කාණ්ඩ යටතේ මෙසේය.
ඒ කාණ්ඩය – එස්. එස්. සී. යුද හමුදාව, බී. ආර්. සී, මීගමුව, බදුරලිය, ලන්කන්
බී කාණ්ඩය – සී, සී. සී. හලාවත මේරියන්ස්, ගාල්ල, පොලිසිය, වරාය අධිකාරිය, මහනුවර රේගුව.
සී කාණ්ඩ – සැරසන්ස්, කෝලට්ස්, පානදුර, නාවික හමුදාව, කුරුණෑගල යොවුන්, බ්ලූම්ෆීල්ඩ්
ඩී කාණ්ඩය – මුවර්ස්, රාගම, ටැමිල් යුනියන්, ගුවන් හමුදාව, කලුතර නාගරික, නුගේගොඩ