slc
Home   |    News
දෙසැම්බර් 14, 2019
ප්‍රධානතම එක්දින තරගාවලිය ඇරඹෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුමුඛ පෙළ ක්‍රීඩා සමාජ ආරාධිත  එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 14 වැනිදා සිට නම් කරන ලද ක්‍රීඩාංගණවලදී ආරම්භ වනු ඇත. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 4 ක් යටතේ ක්‍රීඩා සමාජ 25 ක් තරග වැදීමට නියමිතය.

මූලික වටය යටතේ තරගාවලිය ලබන 23 වැනිදා දක්වා පැවැත්වීඹට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ලබන 28 වැනිදා පැවැත්වෙනු ඇත. එම වටය යටතේ අදාළ කාණ්ඩයන්හි වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් 2 දෙවැනි වටය හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

අදාළ තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන 29 වැනිදා ද අවසන් මහ තරගය ලබන 31 වැනිදා ද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

අවසන් වරට පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබූ එස්. එස්. සී. කණ්ඩායම මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩය යටතේද අනුශූරතාවට පත් සී. සී. සී. කණ්ඩායම බී කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.

තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ඒ ඒ කාණ්ඩ යටතේ මෙසේය.

ඒ කාණ්ඩය – එස්. එස්. සී. යුද හමුදාව, බී. ආර්. සී, මීගමුව, බදුරලිය, ලන්කන්

බී කාණ්ඩය – සී, සී. සී. හලාවත මේරියන්ස්, ගාල්ල, පොලිසිය, වරාය අධිකාරිය, මහනුවර රේගුව.

සී කාණ්ඩ – සැරසන්ස්, කෝලට්ස්, පානදුර, නාවික හමුදාව, කුරුණෑගල යොවුන්, බ්ලූම්ෆීල්ඩ්

ඩී කාණ්ඩය – මුවර්ස්, රාගම, ටැමිල් යුනියන්, ගුවන් හමුදාව, කලුතර නාගරික, නුගේගොඩ

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest