slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2019
පාකිස්තානුවෝ පිති මුවහත් කර ගනිති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

ධනංජය ද සිල්වාගේ හය වැනි ටෙස්ට් ශතකය ප්‍රධාන කොට රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 308 පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටියි.

මංගල ටෙස්ට් වරම් දිනා ගෙන සිටින ආරම්භක පිතිකරු අබීඩ් අලී පන්දු 60 කදී ලකුණු 31 ක්ද අසාර් අලී පන්දු 43 කදී ලකුණු 21 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති. ටෙස්ට් වරම් ලබා ගැනීමට පෙර පාකිස්තානය වෙනුවෙන් ටඑක්දින තරග 4 කට සහභාගිවී සිටින අබීඩ් අලී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.75 ක් රඳවා ගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක්ද සමඟිනි. ඔහුගේ එක්දින තරග භෞතීස්මය සිදුවූයේ ඉකුත් ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකාවට එරෙහිව කරච්චිහි පැවැති තෙවැනි තරගයේදී ලකුණු 74 ක් ලබා ගැනීමට අලී සමත්වූවේය.  

පාකිස්තානු පිලේ දැවී ගිය පිතිකරුවා වූ ශාන් මසූඩ් කසුන් රජිතගේ පන්දුවක් හමුවේ ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකි දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ ලකුණු ලබා ගැනීමටත් පෙරය. ඒ අනුව තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිම පසු කර යෑමට පාකිස්තානු පිලට තවත් කඩුලු 9 ක් තුළ ලකුණු 254 ක් අවශ්‍යව තිබේ.

දින 4 ක් මුළුල්ලේ පන්දුවාර 91.5 කට සීමා වුණු පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දින උදෑසන කඩුලු 6 කට ලකුණු 308 ක් ලබා සිටියදී  ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට ලබා දුන්නේය.  කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පාකිස්තානුවන්ට පන්දුවට පහර දීමට අවකාශ සලසා දෙද්දී මෙතෙක් තරගයේ කැපී පෙනුණුම පිතිකරුවා බවට පත්වූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි ශතකය ලබා ගැනීමට සමත්ව සිටියේය.

මොහොමඩ් අබ්බාස් විසින් ක්‍රියාත්මක කරන ලද 97 වැනි පන්දුවායේ දෙවැනි පන්දුවට මනරම් කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලබා ගත් හතරේ පහරත් සමඟ සිය 6 වැනි ටෙස්ට් ශතකය ඉක්මවා ගිය ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නවතා දමන විට පන්දු 166 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102 ක් ලබාගෙන සිටියේය. පුරා හෝරා 4 කට අධික කාලයක් (මිනිත්තු 241 ක්) කඩුල්ලේ රැඳී සිටි ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලද මිල කළ නොහැකි ශතකය සඳහා හතරේ පහර 15 ක්ද ඇතුළත් කර ගත්තේය.

ධනංජය වාර්තා කරන ගන්නා ලද මෙම ශතකය පිණ්ඩි ක්‍රීඩාංගණයේ වාර්තා පොත් අතරට එක්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස් කර ගන්නා ලද දෙවැනි ශතකය ලෙසිනි. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කරන ලද එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්ව සිටියේ අරවින් ද සිල්වා වන අතර ඔහු 2000 වසරේ පැවැති තරගයේදී ලකුණු 112 ක් රැස් කිරීමට සමත්ව තිබේ. ඒ අනුව අරවින්ද ද සිල්වාගේ විසින් රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමේ පහසුම අවස්ථාවක් ධනංජයට උදාවුවත් පන්දු යවන්නන්ට සිය රිද්මය ගොඩ නගා ගැනීමේ අවස්ථාව සලසමින් ඉනිම අත්හිටුවීමත් කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කිරීමත් සමඟ එම අවස්ථාව ඔහුට අහිමිවිය. 

කඩුලු 6 කට ලකුණු 282 ක්ව සටහන්ව තිබියදී පස්වැනි දින ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම වේගවත්ව ලකුණු රැස් කිරීමට උණන්දුවක් දැක්වූ බව පැහැදිළිව දැක ගත හැකි විය. එහිදී සිය පිතිකරණ තරමක් ප්‍රහාරාත්මක එකක් බවට පත් කළ ඩිල්රුවන් විශාල පහර කරා යෑමට දැක්වූයේ තරමක උණන්දුවකි. ඒ අනුව මො‍හොමඩ් අබ්බාස්ගේ පන්දුවකට ඩිල්රුවන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. තරගය නිමා කරන විට තම අන්තය ආරක්ෂා කරගත් ඩිල්රුවන් පන්දු 34 කදී ලකුණු 16 ක් ලබා සිටියේය. 

තණතීරුවේ වැඩි වාසියක් ලබා ගැනීමේ අදහසින් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වුවද ශහීන් අෆ්රිඩි සහ නසීම් ෂා පමණක් කඩුලු 2 ක් දවා ගනිමින් වැඩි ප්‍රයෝජන ලබා ගත්හ. සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වුණු මොහොමඩ් අබ්බාස් සහ උස්මාන් ශින්වාරි එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 308 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 5 ක් අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 05 ක් ලබා සිටින අතර දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ශාන් මසූඩ්ගේ කඩුල්ල කසුන් රජිත දවා ගැනීමට සමත්විය. 

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – පළමු ඉනිම
දිමුත් කරුණාරත්නකඩුල්ල මුවා කළාප.ශහීන් අෆ්රිඩි59
ඕෂධ ප්‍රනාන්දුඇ.හැරිස් සොහෙල්ප.නසීම් ෂා40
කුසල් මෙන්ඩිස්ඇ.මොහොමඩ් රිස්වාන්ප.උස්මාන් ශින්වාරි10
ඇන්ජලෝ මැතිව්ස්ඇ.අසාද් ශෆික්ප.නසීම් ෂා31
දිනේෂ් චන්දිමාල්
ප.මොහොමඩ් අබ්බාස්02
ධනංජය ද සිල්වා නොදැවී
102
නිරෝෂන් දික්වැල්ලඇ.බාබර් අසාම්ප.ශහීන් අෆ්රිඩි33
ඩිල්රුවන් පෙරේරානොදැවී
16
අතිරේක15
එකතුව පන්දුවාර 97 කදී කඩුලු 6 කට ලකුණු308
කඩුලු වැටීම – 1- 96 (දිමුත් කරුණාරත්න 30.1), 2-109 (ඕෂද ප්‍රනාන්දු 35.3), 3-120 (කුසල් මෙන්ඩිස් 41.6), 4-127 (දිනේෂ් චන්දිමාල් 44.2), 5-189 (ඇන්ජලෝ මැතිව්ස් 63.4), 6-256 (නිරෝෂන් දික්වැල්ල 84.3)
පන්දු යැවීම 
මොහොමඩ් අබ්බාස් 27-9-72-1සහීන් අෆ්රිඩි 22-7-58-2
උස්මාන් ශින්වාරි 15-4-54-1නසීම් ෂා 27-5-92-2
හැරිස් සොහෙල් 3-0-12-0ශාන් මසූඩ් 1-1-00-0
අසාද් ශෆික් 2-0-08-0
පාකිස්තානය – පළමු ඉනිම
ශාන් මසූඩ්ඇ.දිනේෂ් චන්දිමාල්ප.කසුන් රජිත00
අබීඩ් අලීනොදැවී
31
අසාර් අලීනොදැවී
21
අතිරේක02
එකතුව පන්දුවාර 19 කදී කඩුලු 1 ක් දැවී ලකුණු54
කඩුලු වැටීම – 1-03 (ශාන් මසූඩ්)
පන්දු යැවීම 
කසුන් රජිත 6-2-06-1විශ්ව ප්‍රනාන්දු 4-1-11-0
ළහිරු කුමාර 5-1-25-0ඩිල්රුවන් පෙරේරා 4-0-12-0

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar