slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2019
පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියා අතින් බන්දුල වර්ණපුරට සමරු තිළිණයක්

Sri Lanka Cricket

පාකිස්තානයට දෙවැනි වතාවට ටෙස්ට් වරම් හිමිකර දෙමින් ලැබුණු ටෙස්ට් තරගය බවට පත් වුණු සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අද (11 දා) ආරම්භ වුණු ටෙස්ට් තරගයේදී විශේෂ ආරාධිතයකු වුණු ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාව ඇගැයීමකට ලක් කරමින් පාකිස්තානු ක්‍රිකට් ආයතන සභාපතිවරයා විසින් සමරු තිළිණයක් පිරිනැමීම දිනයේ කැපී පෙනුණි. 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලට නායකත්වය ලබා දුන් ජාවෙඩ් මියැන්ඩාඩ් මහතාද සහභාගිවූ අතර ඔහුටද පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා විසින් සමරු තිළිණයක් පිරිනැමීය. 

37 වසරකට පෙර ටෙස්ට් පිටියේදී මුණ ගැසුණු මෙම සුවිශේෂී නායකයින් දෙපළ වෙනුවෙන් වූ සමරු තිළිණය පිරිනැමීම දිවා විවේකය සඳහා තරගය නතර කරන ලද අවස්ථාවේදී පිරිනැමිණ. 

දශකයට අධික කාලයක් තිස්සේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට නොහැකි වුණු පාකිස්තානයට අද ඇරැඹි ටෙස්ට් තරගය ඉතාම සුවිශේෂී තරගයක් බවට පත්ව තිබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව දරුණු කම්පනයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමම යළිත් ඔවුන්ගේ රටට පැමිණ තරග වදිනු ලබන ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බැවිනි. එම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම නිමිත්තෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වර්ණපුර සහ මියැන්ඩාඩ් අදාළ තරගයේ සුවිශේෂී පුද්ගලයින් ලෙසින් නම් කොට කැඳවීමට පියවර ගැනුණි.  

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යනු රාජ්‍ය තාන්ත්‍රික් මට්ටමේ සිටම සහෝදර මට්ටමින් කටයුතු කරන රටවල් දෙකක් බැවින් ක්‍රිකට් ක්‍රීඩාවේදීද එම සහෝදර කම දැඩිව බැඳී පවතියි. ටෙස්ට් තරග අංශයේදී මීට වසර 37 කට පෙර බැඳුණු එම සහෝදර සෙනෙහස හෙට දිනයේදීද යළි මතකයට රැගෙන එනු ලැබීය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee