slc
Home   |    News
දෙසැම්බර් 10, 2019
වසර 37 කට පසු වර්ණපුර-මියැන්ඩාඩ් යළි ටෙස්ට් පිටියට

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ගැටුමට නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර සහ පාකිස්තානු නායක ජාවෙඩ් මියැන්ඩාඩ් වසර 37 කට පසු යළිත් ටෙස්ට් පිටියේදී හෙට (11 දා) මුණ ගැසෙනු ඇත. 

එදා පිටියේ එදිරිවාදීන් ලෙස මුණ ගැසුණද මෙවර මොවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ වසර 10 කට පසු පාකිස්තානයට ටෙස්ට් අසිරිය කැඳවන් එන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ විශේෂ ආරාධිතයින් දෙදෙනකු වශයෙනි. 

දශකයට අධික කාලයක් තිස්සේ ටෙස්ට් තරගයක් පැවැත්වීමට නොහැකි වුණු පාකිස්තානයට හෙට පැවැත්වෙන තරගය ඉතාම සුවිශේෂී තරගයක් බවට පත්ව තිබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව දරුණු කම්පනයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමම යළිත් ඔවුන්ගේ රටට පැමිණ තරග වදිනු ලබන ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බැවිනි. එම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම නිමිත්තෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වර්ණපුර සහ මියැන්ඩාඩ් අදාළ තරගයේ සුවිශේෂී පුද්ගලයින් ලෙසින් නම් කොට කැඳවීමට තීරණය කර තිබේ. 

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යනු රාජ්‍ය තාන්ත්‍රික් මට්ටමේ සිටම සහෝදර මට්ටමින් කටයුතු කරන රටවල් දෙකක් බැවින් ක්‍රිකට් ක්‍රීඩාවේදීද එම සහෝදර කම දැඩිව බැඳී පවතියි. ටෙස්ට් තරග අංශයේදී මීට වසර 37 කට පෙර බැඳුණු එම සහෝදර සෙනෙහස හෙට දිනයේදීද යළි මතකයට නැගෙනු ඇත. 

මේ අතර පළමු ටෙස්ට් තරගයට පෙර කණ්ඩායම් දෙකම සිය පුහුණුවීම් වල නිරතව සිටින අවස්ථාවේදී මියැන්ඩාඩ් – වර්ණපුර දෙදෙන පැමිණ දෙපිළේ නායකයින් සමඟ ශූරතාවයට පිදෙන කුසලාන සමඟ ඡායාරූප අවස්ථාවකටද පෙනී සිටියහ. ඒ අතරතුරදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, ලැබුණු ආරාධනය සම්බන්ධයෙන් තමා පාකිස්තානු ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවයි. 

“අවුරුදු 10 කට පස්සේ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන නිසා පාකිස්තානු ක්‍රිකට් ආයතනය මට විශේෂ ආරාධනාවක් කළා තරගයට පෙර ඇවිල්ලා පෙනී ඉඳලා යන්න කියලා. හෙට තරගයට සහභාගිවෙලා මම දින කීපයකින් ආපසු ලංකාවට යනවා”යි වර්ණපුර මහතා සඳහන් කර සිටියේය. 

එම අදහස් දැක්වීම අතරතුර වර්ණපුර මහතා විශේෂ කාරණාවක්ද මතක් කර සිටියේය. “සඳහන් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. මොකද අපිට 1982 දී ටෙස්ට් වරම් ලැබෙන්න කළින් 1975-76 වසර වල ඉඳන්ම ටෙස්ට් වරම් ලබා ගැනීම සඳහා වැඩියෙන්ම සහයෝගය දක්වපු රටක් තමයි පාකිස්තානය. ඊළඟට ඉන්දියාව සම්බන්ධ වුණා. ඒ දෙගොල්ලෝ නිසා තමයි අපිට ටෙස්ට් වරම් දිනා ගන්න හැකි වුණේ. නමුත් ප්‍රධාන කාරණාව හැටියට මම කියන්න ඕන පාකිස්තානයේ සහයෝගය අපිට එදා ඉඳන්ම ලැබුණා කියන එක. ඇත්තටම රටක් හැටියට අපි සංතෝෂ වෙන්න ඕන සහ ස්තූතිවන්ත වෙන්න ඕන අපිට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා පාකිස්තානය දුන්න සහයෝගය සම්බන්ධව” යි වර්ණපුර මහතා අදහස් දක්වා සිටියේය. 

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest