slc
Home   |    News
දෙසැම්බර් 8, 2019
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනට දස වසරකට පසු ෆාවඩ් අලාම්ට කැඳවුම්

Sri Lanka Cricket

දශකයකට ආසන්න කාලයක් රතු පන්දුවට ක්‍රීඩා කිරීමට වරම් නොලද මැද පෙළ පිතිකරුවකු වන ෆාවඩ් අලාම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලබන 11 වැනිදා ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත පාකිස්තානු සංචිතයට කැඳවීමට පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

වමතින් පිත්ත හසුරුවන අලාම් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 3 කට සහ එක්දින තරග 38 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 40 ට ඉහළින් (ටෙස්ට් අංශයේ 41.66, එක්දින 40.25) පවත්වාගෙන යෑමට සමත්ව ඇති පිතිකරුවෙකි. ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 3 දී එක් ශතකයකටද හිමිකම් කියා ඇති අලාම් එය ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ගැනීමට සමත්ව තිබේ. 34 හැවිරිදි වියේ පසුවන අලාම් කොළඹ පී. සරා ඕවල් පිටියේ පවත්වා ඇති තරගයකදී ලකුණු 168 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ නවසීළන්තයට එරෙහිව ඩුනෙඩින්හිදී 2009 වසරේ පැවැති ටෙස්ට් තරගයටය. 

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද මෙම කණ්ඩායමට අලාම්ව කැඳවා ඇත්තේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ඉෆ්තිකාර් අහමඩ්ගේ ස්ථානය සඳහාය. ඉකුත්දා නිමාවට පත් වුණු එම ටෙස්ට් තරගාවලියේදී ඉෆ්තිකාර් රැස් කර ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 44 ක් පමණි. 

එම වෙනස්කම හැරුණු විට කණ්ඩායමේ සිදුකරන ලද එකම වෙනස්කම බවට පත්ව ඇත්තේ තවමත් එකම ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා කර නොමැති වමතින් වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ශින්වාරිව කණ්ඩායමට කැඳවීම පමණි. හෙතෙම මේ වන තෙක් එක්දින තරග 17 කදී සහ විස්සයි-20 තරග 16 කදී පාකිස්තානු පිල නියෝජනය කර තිබේ. ඉකුත්දා ඇඩිලේඩ්හි පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වුණු මුහමඩ් මූසාගේ ස්ථානය සඳහා ශින්වාරිව ආදේශ කර තිබේ. 

ටෙස්ට් වරම් ලද ළාබාලතම ක්‍රීඩකයන් අතර 9 වැනියා බවට පත්වෙමින් බ්‍රිස්බේන්හි පැවැති ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් ලද නසීම් ශාට නම් කරන ලද කණ්ඩායමේ ස්ථානයක් වෙන්වී තිබීම විශේෂත්වයකි. එළැඹෙන ජනවාරි මස අගදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාද නම් කොට ඇති ශා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු යොවුන් කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතව තිබේ. මේ අතර තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළ කෂීෆ් භාති ද කෙරෙහිද එරට තේරීම් කමිටුව විශ්වාසය තබා තිබේ. භාති ඔස්ට්‍රේලියානු තරග සංචාරයට නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවද එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමට වරම් නොලැබීය. 

පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම – අසාර් අලී (නායක), අබීඩ් අලී, අසාද් ශාෆික්, බාබර් අසාම්, ෆාවඩ් අලාම්, හැරිස් සොහෙල්, ඉමාම් උල්හක්, ඉම්රාන් ඛාන්, කශිෆ් භාති, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන්, නසීමා ෂා, ෂහීන් අෆ්රිඩි, ශාන් මසූඩ්, යසීර් ෂා, උස්මාන් ශින්වාරි. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest