slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2019
ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානය ලකුණු 23 ක් පිටුපසින්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට තරගයේදී ලකුණු 80 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානු කණ්ඩායම දෙවැනි දිනට (20 දා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 57 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. ටෙස්ට් තරගයක පවත්වාගෙන යනු ලබන ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා තරමක් වේගයෙන් (4.07) පන්දුවට පහර දුන් පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ පළමු ඉනිමේ පරතය ලකුණු 23 ක් දක්වා අඩු කර ගැනීමට සමත්වූයේ එකම කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි.

පාකිස්තානු පිල වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ශාන් මසූඩ් ලකුණු 21 ක් සහ අබීඩ් අලී ලකුණු @32 ක් ලබා තරගයේ තෙවැනි දිනය වන හෙට (21 දා) දිනයේදී පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගෙන සිටිති. වමත් පිතිකරු මසූඩ් දැවී ගිය බවර කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු ප්‍රතික්ෂේප කර සිටියදී එය තෙවැනි විනිසුරුගෙන් විමසීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළද තීරණයේ වෙනසක් නොවීය. 

එම සිදුවීම හැරෙන්නට පාකිස්තානු දෙවැනි ඉනිමේ විශේෂ සිදුවීමක් වාර්තා නොවිණ. පන්දු යැවීමේ අංශය දෙස අවධානය යොමු කිරීමේදී පළමු ඉනිමේ තරම් හොඳින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු නොයැවීම කැපී පෙනුණි. තණතීරුවෙන් ලැබුණු සහයෝගයද මේ වන විට තරමක් පහව යෑම එම තත්ත්වයට තවත් රුකුළක් විය. පන්දුවට පහර දීමට ඉතාම අසීරු කරච්චි තණතීරුවේදී අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණිමට හිටපු නායක දිනේෂ් චන්දිමාල් සමත්වීම නිසා පාකිස්තානයට එරෙහිව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 271 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. 

කණ්ඩායම් කළමනාකාරීත්වය බලාපොරොත්තු වූ රාජකාරිය අකුරටම ඉටු කළ චන්දිමාල් ශ්‍රී ලංකා පිලේ කොඳු නාරටිය වෙමින් අද දිනයේදී සිය 18 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. තරගයේ පළමු වරුවට වඩා දෙවැනි වරුව තරමක් පිතිකරුවන්ට යෝග්‍යවය හැසිරුණු කරච්චි තණතීරුවේදී උපරිම ප්‍රයෝජන ගත් චන්දිමාල්, ඩිල්රුවන් පෙරේරා සමඟ එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවයක් එක් කරමින්  කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ

නිරෝෂන් දික්වැල්ලද දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 184 කට කඩුලු 7 ක් ලෙසින් සටහන් වූ නමුත් චන්දිමාල් සහ ඩිල්රුවන් ධෛර්යවන්ත ලෙස පිති හැසිරවීම නිසා අවසන් කඩුලු 3 ඇතුළත ලකුණු 87 ක් රැස් කරමින් පාකිස්තානු පළමු ඉනිමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. 

පිතිකරුවන් එසේ දක්ෂතා දක්වද්දී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශෆීන් අෆ්රිඩි සහ මොහොමඩ් අබ්බාස් දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම දවා ගත්හ. එහිදී වැඩිම කඩුලු ලාභියා වූ අෆ්රිඩි ටෙස්ට් තරග දිවියේ පළමු වතාවට කඩුලු 5 ක් දවා ගත්තේය. ලකුණු 77 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනකු අෆ්රිඩි දවා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් මොහොමඩ් අබ්බාස් ලකුනු 55 කට කඩුලු 4 ක් දවා ගත්තේය. 

තමාගේ සේවය අවශ්‍යම මොහොතේ පිත්ත ක්‍රියාත්මක කළ දිනේෂ් චන්දිමාල් මුහුණ දුන් පළමු පන්දුවේ සිටම වැඩි ආත්ම විශ්වාසයකින් පන්දුවට පහර දුන්නේය. පළමු ටෙස්ට් තරගයේදී දවාගනු ලැබූ මොහොමඩ් අබ්බාස්ටම ඉදිරි පාදයට පැමිණෙමින් පළමු පන්දුවට මුහුණ දුන් චන්දිමාල්  එතැන් පටන් දැවී යන තෙක්ම ඉතා විශ්වාසයන් පන්දුවට පහර දුන්නේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඩිලුරුවන් පෙරේරා 7 වැනි අර්ධ ශතකයට ලකුණු 2 ක් තිබියදී දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු වෙමිනි. ප්‍රධාන විනිසුරු විසින් ලබා දුන් තීරණය අභියෝගයකට ලක් කරමින් තෙවැනි විනිසුරු විමසීම දක්වා යෑමට ඩිල්රුවන් තීරණය කළද ලබා දුන් තීරණයේ වෙනසක් නොවීය. 

වේගය සහ දෝලනයට අමතරව ඉපිලීමද ඉතා ඉහළ තලයක පැවැති කරච්චි තණතීරුවේදී නොසැළී පිත්ත හැසිරවූ චන්දිමාල් දැවී ගියේ පන්දු යවන්නකු ලෙසින් එතරම් නමක් දරා නොමැති හැරිස් සොහෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යෑම කැපී පෙනුණි. පිට ඉන්න දෙසට දඟ කැවුණු පන්දුවට පහරක් එල්ල කළද එය නොසිතූ ලෙස ඉහළ නැගී යෑම හේතුවෙන් පොයින්ට් කළාපයේ පන්දු රැකි ශාන් මසූඩ් උඩ පන්දුවක් රැක ගැනීම නිසා චන්දිමාල්ගේ වටිනා ඉනිම ලකුණු 74 දී නිමාවට පත්විය. 

පන්දුව පිත්තට නිසියාකාරව නොපැමිණියද කඩුල්ල ආරක්ෂා කර ගැනීම මෙන්ම ලකුණු වලට පැමිණීම අත්‍යවශ්‍ය බව වටහාගත් චන්දිමාල් දුර්වල පන්දුවක් ලද සැනින් තම පිත්ත ක්‍රියාත්මක කළේ හතරේ සීමාව වෙත පන්දුව යැවීමට සලස්වමිනි. ඒ අනුව සිය ඉනිම හතරේ පහර 10 කින්ද අලංකාර කර ගැනීමට දකුණත් පිතිකරුවා අමතක නොකළේය.

කඩුල්ල තුළට මෙන්ම කඩුල්ලෙන් පිටතට පන්දුව දෝලනය කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අපහසුතාවයට පත් කළ මොහොමඩ් අබ්බාස්ට අඩි එකහමාරක් පමණ ඉදිරියට විත් පන්දුවට පහර දෙනු දැකි කඩුලු රකින්නා කඩුල්ල අසලට විත් කඩුලු රැකීමට කටයුතු යෙදූ නිසා සීමා ඉරේ රැදී සිට පන්දුවට පහර දීමට නිරෝෂන් දික්වැල්ලට සිදුවිය. එහිදී හරිම එල්ල ලබා ගත් අබ්බාස් යවන ලද දෙවැනි පන්දුවෙන්ම දික්වැල්ල දවා ගනු ලැබුවේ කෙළින්ම පන්දුව කඩුල්ලේ වද්දවමිනි. ඒ වන විටත් දික්වැල්ල ලකුණු 21 ක් ලබා සිටියේය.  

පළමු දිනයේදී සැඳෑ පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූ අතර ඔහුගේ දැවී යෑමෙන් ලකුණු පුවරුවට ලකුණු 08 ක් එක් වද්දී පළපුරුදුම පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස්ද දැවී යෑම ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පාඩුවක් විය. ශහීන් අෆ්රිඩිගේ පන්දුවකට පිත්ත පමණක් හුවා දැක්වීමේදී එය පිත්තේ දාරයේ වැදී කඩුලු රකින්නාගේ දෑත් අතර සිරවිණ. අකමැත්තෙන් වුවද මැතිව්ස් පිටියෙන් ඉවත්ව යද්දී ලකුණු 13 ක් නම ඉදිරියෙන් සටහන්ව තිබිණ.

අනතුරුව චන්දිමාල්ට එක්වූ පළමු තරගයේ ශතක ලාභී ධනංජයද සිල්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය ලබා දුන්නේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් 67 ක් රැස් කරමිනි. ශහීන් අෆ්රිඩිගේ මැද කෙටී ආ පන්දුවට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී හිතුව වේගයට වඩා වැඩි වේගයකින් පන්දුව ධනංජය වෙත පැමිණියේය. ඒ අනුව පහර එල්ල කිරීමට පෙර පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් ලෙස ඩීප් ස්කෙවයාර්ලෙග් කළාපයේ පන්දු රැකී මොහොමඩ් අබ්බාස් රැක ගනු ලැබුවේ ශ්‍රී ලංකා පිලට 6 වැනි කඩුල්ලත් අහිමි කරමිනි. හයේ පහරක්ද සහිතව තවත් හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කරගත් ධනංජය මුහුණ දුන් 56 වැනි පන්දුවේ දැවී යන විට ලකුණු 32 ක් ලබා සිටියේය.

ලකුණු පුවරුව
පාකිස්තානය – පළමු ඉනිම
ශාන් මසූඩ්
ප.විශ්ව ප්‍රනාන්දු05
අබීඩ් අලීකඩුල්ල මුවා කළාප.ළහිරු කුමාර38
අසාර් අලී
ප.විශ්ව ප්‍රනාන්දු00
බාබර් අසාම්ස්ට. නිරෝෂන් දික්වැල්ලප.ලසිත් ඇඹුල්දෙණිය60
අසාද් ශාෆික්ඇ.විශ්ව ප්‍රනාන්දුප.ළහිරු කුමාර63
හැරිස් සොහෙල්කඩුල්ල මුවා කළාප.ලසිත් ඇඹුල්දෙණිය09
මොහොමඩ් රිස්වාන්
ප.ළහිරු කුමාර04
යසීර් ෂාකඩුල්ල මුවා කළාළහිරු කුමාර00
මොහොමඩ් අබ්බාස්ඇ.ධනංජය ද සිල්වාප.ලසිත් ඇඹුල්දෙණිය00
ශහීන් අෆ්රිඩිඇ.ඇන්ජලෝ මැතිව්ස්ප.ලසිත් ඇඹුල්දෙණිය05
නසීම් ෂානොදැවී
01
අතිරේක06
එකතුව පන්දුවාර 59.3 කදී සියලු දෙනා දැවී ලකුණු191
කඩුලු වැටීම – 1-10(ෂාන් මසූඩ්) , 2-10 (අසාර් අලී), 3-65 (අබීඩ් අලී), 4-127 (බාබර් අසාම්), 5-167 (හැරිස් සොහෙල්), 6-172 (මොහොමඩ් රිස්වාන්), 7-172 (යසීර් ෂා), 8-179 (මොහොමඩ් අබ්බාස්), 9-185 (අසාද් ශෆික්)
පන්දු යැවීම 
විශ්ව ප්‍රනාන්දු 13-3-31-2ළහිරු කුමාර 18-5-49-4
දිමුත් කරුණාරත්න 1-0-11-0ලසිත් ඇඹුල්දෙණිය 20.3-3-71-4
ඩිල්රුවන් පෙරේරා 7-0-23-0
ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න 
ප.මොහොමඩ් අබ්බාස්25
ඕෂද ප්‍රනාන්දු ඇ.මොහොමඩ් රිස්වාන්ප.ශහීන් අෆ්රිඩි04
කුසල් මෙන්ඩිස්ඇ.හැරිස් සොහෙල්ප.මොහොමඩ් අබ්බාස්13
ඇන්ජලෝ මැතිව්ස්ඇ.මොහොමඩ් රිස්වාන්ප.ශහීන් අෆ්රිඩි13
ලසිත් ඇඹුල්දෙණියඇ.අසාද් ශෆික්ප.මොහොමඩ් අබ්බාස්13
දිනේෂ් චන්දිමාල්ඇ.ශාන් මසූඩ්ප.හැරිස් සොහෙල්74
ධනංජය ද සිල්වාඇ.මොහොමඩ් අබ්බාස්ප.ශහීන් අෆ්රිඩි32
නිරෝෂන් දික්වැල්ල
ප.මොහොමඩ් අබ්බාස්21
ඩිල්රුවන් පෙරේරාකඩුල්ල මුවා කළාප.ශහීන් අෆ්රිඩි48
විශ්ව ප්‍රනාන්දුනොදැවී
05
ළහිරු කුමාර
ප.ශහීන් අෆ්රිඩි00
අතිරේක23
එකතුව පන්දුවාර 85.5 කදී සියලු දෙනා දැවී  ලකුණු271
කඩුලු වැටීම 1-28 ඕෂධ ප්‍රනාන්දු), 2-39 (දිමුත් කරුණාරත්න), 3- 61 (කුසල් මෙන්ඩිස්), 4-78 (ලසිත් ඇඹුල්දෙණිය), 5-80 (ඇන්ජලෝ මැතිව්ස්), 6-147 (ධනංජය ද සිල්වා), 7-184 (නිරෝෂන් දික්වැල්ල), 8-235 (දිනේෂ් චන්දිමාල්), 9-271 (ඩිල්රුවන් පෙරේරා)
පන්දු යැවීම 
ශහීන් අෆ්රිඩි 26.5-5-77-5මොහොමඩ් අබ්බාස් 27-9-55-4
නසීම් ෂා 16-1-71-0යසීර් ෂා 13-0-43-0
හැරිස් සොහෙල් 3-0-11-1
පාකිස්තානය – දෙවැනි ඉනිම 
ශාන් මසූඩ්නොදැවී
21
අබීඩ් අලීනොදැවී
32
අතිරේක04
එකතුව පන්දුවාර 14 කදී කිසිවකු නොදැවී57
පන්දු යැවීම 
විශ්ව ප්‍රනාන්දු  5-1-14-0ළහිරු කුමාර 3-0-20-0
ලසිත් ඇඹුල්දෙණිය 5-0-17-0ඩිල්රුවන් පෙරේරා 1-0-02-0

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar