slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2019
ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවීම නිසා අරවින්දගේ වාර්තාව ධනංජයට නූලෙන් මිස්වෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

දින 4 ක් මුළුල්ලේ පන්දුවාර 91.5 කට සීමා වෙමින් පැවැති පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (15 දා) දිනයේදී තවත් පන්දුවාර 5.1 ක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 308 ක් ලබා සිටියදී  ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට ලබා දුන්නේය. 

කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පාකිස්තානුවන්ට පන්දුවට පහර දීමට අවකාශ සලසා දෙද්දී මෙතෙක් තරගයේ කැපී පෙනුණුම පිතිකරුවා බවට පත්වූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි ශතකය ලබා ගැනීමට සමත්ව සිටියේය.

මොහොමඩ් අබ්බාස් විසින් ක්‍රියාත්මක කරන ලද 97 වැනි පන්දුවායේ දෙවැනි පන්දුවට මනරම් කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලබා ගත් හතරේ පහරත් සමඟ සිය 6 වැනි ටෙස්ට් ශතකය ඉක්මවා ගිය ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නවතා දමන විට පන්දු 166 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102 ක් ලබාගෙන සිටියේය. පුරා හෝරා 4 කට අධික කාලයක් (මිනිත්තු 241 ක්) කඩුල්ලේ රැඳී සිටි ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලද මිල කළ නොහැකි ශතකය සඳහා හතරේ පහර 15 ක්ද ඇතුළත් කර ගත්තේය.

ධනංජය වාර්තා කරන ගන්නා ලද මෙම ශතකය පිණ්ඩි ක්‍රීඩාංගණයේ වාර්තා පොත් අතරට එක්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස් කර ගන්නා ලද දෙවැනි ශතකය ලෙසිනි. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කරන ලද එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්ව සිටියේ අරවින්ද ද සිල්වා වන අතර ඔහු 2000 වසරේ පැවැති තරගයේදී ලකුණු 112 ක් රැස් කිරීමට සමත්ව තිබේ. ඒ අනුව අරවින්ද ද සිල්වාගේ විසින් රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමේ පහසුම අවස්ථාවක් ධනංජයට උදාවුවත් පන්දු යවන්නන්ට සිය රිද්මය ගොඩ නගා ගැනීමේ අවස්ථාව සලසමින් ඉනිම අත්හිටුවීමත් කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කිරීමත් සමඟ එම අවස්ථාව ඔහුට අහිමිවිය. 

කඩුලු 6 කට ලකුණු 282 ක්ව සටහන්ව තිබියදී පස්වැනි දින ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම වේගවත්ව ලකුණු රැස් කිරීමට උණන්දුවක් දැක්වූ බව පැහැදිළිව දැක ගත හැකි විය. එහිදී සිය පිතිකරණ තරමක් ප්‍රහාරාත්මක එකක් බවට පත් කළ ඩිල්රුවන් විශාල පහර කරා යෑමට දැක්වූයේ තරමක උණන්දුවකි. ඒ අනුව මුහමඩ් අබ්බාස්ගේ පන්දුවකට ඩිල්රුවන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. තරගය නිමා කරන විට තම අන්තය ආරක්ෂා කරගත් ඩිල්රුවන් පන්දු 34 කදී ලකුණු 16 ක් ලබා සිටියේය. 

තණතීරුවේ වැඩි වාසියක් ලබා ගැනීමේ අදහසින් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වුවද ශහීන් අෆ්රිඩි සහ නසීම් ෂා පමණක් කඩුලු 2 ක් දවා ගනිමින් වැඩි ප්‍රයෝජන ලබා ගත්හ. සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වුණු මොහොමඩ් අබ්බාස් සහ උස්මාන් ශින්වාරි එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 308 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 5 ක් අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 05 ක් ලබා සිටින අතර දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ශාන් මසූඩ්ගේ කඩුල්ල කසුන් රජිත දවා ගැනීමට සමත්විය. 

ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – පළමු ඉනිම
දිමුත් කරුණාරත්නකඩුල්ල මුවා කළාප.ශහීන් අෆ්රිඩි59
ඕෂධ ප්‍රනාන්දුඇ.හැරිස් සොහෙල්ප.නසීම් ෂා40
කුසල් මෙන්ඩිස්ඇ.මොහොමඩ් රිස්වාන්ප.උස්මාන් ශින්වාරි10
ඇන්ජලෝ මැතිව්ස්ඇ.අසාද් ශෆික්ප.නසීම් ෂා31
දිනේෂ් චන්දිමාල්
ප.මොහොමඩ් අබ්බාස්02
ධනංජය ද සිල්වා නොදැවී
102
නිරෝෂන් දික්වැල්ලඇ.බාබර් අසාම්ප.ශහීන් අෆ්රිඩි33
ඩිල්රුවන් පෙරේරානොදැවී
16
අතිරේක15
එකතුව පන්දුවාර 97 කදී කඩුලු 6 කට ලකුණු308
කඩුලු වැටීම – 1- 96 (දිමුත් කරුණාරත්න 30.1), 2-109 (ඕෂද ප්‍රනාන්දු 35.3), 3-120 (කුසල් මෙන්ඩිස් 41.6), 4-127 (දිනේෂ් චන්දිමාල් 44.2), 5-189 (ඇන්ජලෝ මැතිව්ස් 63.4), 6-256 (නිරෝෂන් දික්වැල්ල 84.3)
පන්දු යැවීම 
මොහොමඩ් අබ්බාස් 27-9-72-1සහීන් අෆ්රිඩි 22-7-58-2
උස්මාන් ශින්වාරි 15-4-54-1නසීම් ෂා 27-5-92-2
හැරිස් සොහෙල් 3-0-12-0ශාන් මසූඩ් 1-1-00-0
අසාද් ශෆික් 2-0-08-0

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar