slc
Home   |    News
දෙසැම්බර් 7, 2019
ශ්‍රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනී

Sri Lanka Cricket

    සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගිවූ පළමු තරග තුනම ජයගෙන තිබේ.

    පළමු තරගය නේපාලය පරදා ලකුණු 98කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයද පහසුවෙන් ජයගත්තේ ලකුණු 173කින් භූතානය පරදවමිනි. තෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු හයකින් සත්කාරක නේපාලය පරාජය කළේය.

    ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගයේදී ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදෙමින් කඩුලු හතරකට ලකුණු 192ක් (ඕවර 20දී) ලැබීය.කමිදු මෙන්ඩිස් පන්දු 54කදී හතරේ දහයක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 102ක්ද අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 26ක්ද ෂම්මු අෂාන් ලකුණු 22ක්ද රැසකළහ. මාලදිවයිනට ඕවර 20 අවසානයේ කඩුලු නවයකට ලබාගත හැකි වූයේ ලකුණු 94කි. ‍මෙහිදී මොහොමඩ් රියස්වාන් ලකුණු 29ක් ලැබීය. කේ.එන්.පීරිස් ලකුණු 9කට කඩුලු දෙකක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 14කට කඩුලු දෙකක්ද දවාලූහ.

    ශ්‍රී ලංකා – භූතාන තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙස භූතානය ඕවර 18.4කදී ලබාගත්තේ ලකුණු 75කි. පැතුම් නිශ්ශංක පන්දු 48කදී හතරේ අටක් හයේ දෙකක් සමග ලකුණු 76ක්ද කේ.එම්.ප්‍රනාන්දු පන්දු 38කදී හතරේ දහයක් හයේ පහරක් සමග ලකුණු 65ක්ද ලබා ගත්හ. භූතානයේ ආර්.ඩෝජි ලකුණු 22ක් රැස් කළේය. එස්.කොළඹගේ ලකුණු හයකට කඩුලු 2ක්ද අෂේන් බණ්ඩාර ලකුණු තුනකට කඩුල්ලක් දවාලූහත.

    ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය තියුණු මුහුණුවරක් ඉසිලීය. ඉන්දීය නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු පහකට ලකුණු 172ක් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 175ක් ලබා කඩුලු හයකින් ජයගත්තේ ඕවර 19.1කදීය. නේපාලයේ ඩි.එයාරි ලකුණු 72ක් ලැබූ  අතර කමිදු මෙන්ඩිස් ලකුණු 34කට කඩුලු 02ක් දවාලීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂම්මු අෂාන් ලකුණු 72ක් ද (පන්දු 44යි හතරේ හතරයි හයේ පහයි) කේ.එම්. ප්‍රනාන්දු ලකුණු 46ක්ද (පන්දු 42යි හතරේ පහයි හයේ එකයි) ලබාගත්හ.

(බන්දුල මොල්ලිගොඩ)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest