slc
Home   |    News
දෙසැම්බර් 22, 2019
ශ්‍රී ලංකා යෞවනයෝ තුන්කොන් ශූරයින් වෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දූපත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (21 දා) රාත්‍රියේදී සමත්විය.

දින ගණනාවක් තිස්සේ පැවැති මෙම තරගාවලි අවසන් මහ තරගයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට වඩා හොද යහපත් මානසිකත්වයක්ද නිර්මාණය කර ගැනීමට සමත්වූහ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 266 ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායම හමුවේ තැබීමට සමත්වූයේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානගේ මිළ කළ නොහැකි ශතකයට ස්තූතිවන්නටය. 

අවසන් මහ තරගයට පෙර එංගලන්තය මුණ ගැසුණු අවස්ථාවේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත්වූ නවෝද් පරණවිතාන සහ කමිල් මිශාර මෙම තරගයේදීද එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු 149 ක් ඒ වෙනුවෙන් වැය කළ මෙම පිතිකරු යුගලය අතරින් කමිල් මිශාර ප්‍රථමයෙන්ම දැවී ගියේය. පන්දු 84 කට මුහුණ දුන් මිශාරගේ ලකුණු 69 කින් සමන්විත ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතර් පහර 7 ක් ඉනිමට එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා වූ නවෝද් පරණවිතාන තම ලකුණු 108 ක ඉනිම සදහා පන්දු 119 කට මුහුණ දුන්නේය. හතරේ පහර 16 කින් වර්ණවත් වූ පරණවිතාන මුලු ලකුණු සංඛ්‍යාව 203 ක්ව තිබියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ තෙවැනි පිතිකරුවා ලෙසිනි.  ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණෙද්දී තරගාවලිය පුරා ලකුණු අතරට සිටි නිපුන් ධනංජයට ලබාගත හැකි වූයේ ලකුණු 06 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන්ට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 43.1 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණි. එහිදී කැපී පෙනුණු කවිඳු නදීෂාන් ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගනිද්දී පිත්තෙන් ලබා දුන් දායකත්වයට අමතරව පන්දු යැවීමේදීද කඩුලු 2 ක් දවා ගැනීමට නවෝද් පරණවිතාන සමත්වූවේය. ඔවුන්ට අමතරව සුධීර තිලකරත්න සහ අෂේන් ඩැනියෙල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. එංගලන්ත පිල වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූ එකම පිතිකරුවා වූයේ ජෝර්ඩන් කොක්ස් වන අතර ඔහු පන්දු 102 කදී ලකුණු 77 ක් ලබා ගත්හ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්නද කළමනාකරු ලෙස ෆර්වීස් මහරූෆ් යන මහත්වරුද කටයුතු කරති. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest