slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2019
සිව්වැනි දිනය වැස්සට සේදෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (14 දා) දිනයටද අයහපත් කාලගුණය හරස් වීම නිසා දිවා ආහාරයෙන් පසු සිව්වැනි දිනට තරගය අත හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. පෙර දින රාත්‍රියේ සිට ඇද හැළුණු වර්ෂාව මේ වන විට නතර වී ඇතත් රාවල්පිණ්ඩි අහස් කුස වළාකුළු වලින් බරව පැවැතීම නිසා ප්‍රධාන තණතීරුව ඇතුළු යාර 30 සීමාවට මඳක් ඔබ්බට වන තෙක් වැසි ආවරණ වසින් වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මෙන් නොව 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය නිවෙසේ ජලය ඉවත් කිරීම වෙනුවෙන් යොදා ගනු ලබන වයිපර් භාවිතා කරමින් වැසි ආවරණ මත රැදී තිබෙන ජලය ඉවත් කරමින් සිටින නමුත්, එය තරගය ආරම්භ කිරීම වෙනුවෙන් කිසිසේත්ම ඵලදායී ක්‍රියාවක් නොවිණ. 

එම වයිපර් භාවිතයෙන් ඉවත් කරනු ලබන අයිනට වන්නටම එළා ඇති වැසි ආවරණ වෙත රැගෙන යෑමෙන් පසු සුපර් සොපර් යන්ත්‍ර භාවිතයෙන් එම ජලය හතරේ සීමාවෙන් එපිටට රැගෙන යනු ලබයි. සුපර් සොපර් යන්ත්‍ර භාවිතා කළද ක්‍රීඩාංගණය ආවරණය කර නොමැති ප්‍රදේශය හරහා හතරේ සීමාවෙන් එපිටට යන විට එම ජලයෙන් කොටසක් ආවරණය කළ නොමැති කොටස තුළ රැඳීම නිසා ඒ අවට ප්‍රදේශ දැඩි තෙත බරිත ස්වභාවයකින් යුක්තව පවතියි. තෙවැනි දිනය අතර තුරදී ආලෝක කුළුණු වල රස්නය භාවිතයෙන් ජලය වාශ්පීකරණයට ලක් කිරීමට සංවිධායකයින් පියවර ගත්තද අද දිනයේ තවමත් විදුලි ආලෝක කුළුණු දැල්වීමට පියවර ගෙන නොමැත. 

පෙර දින රාත්‍රී 10 පමණ සිට විටින් විට වර්ෂාව ඇද හැළුණු අතර එය උදෑසන 9 වන තෙක්ම පැවැතිණි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩාංගණය වෙත නොපැමිණි අතර නවාතැන් ගෙන සිටින හෝටලයේම රැඳී සිටියහ. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා අදහස් දක්වමින්, ක්‍රීඩාංගණය පිළිබඳව එතරම් සුභදායක තත්ත්වයක් නොවූයෙන් ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටි බව සඳහන් කර සිටියේය.

මෙම තරගයේ දිවා ආහාරය පෙ.ව. 11.45 ට ලබා ගැනීමට නියමිත වුවත් මේ වන තෙක් ක්‍රීඩාංගණයේ තත්ත්වය නිරීක්ෂනය කිරීම 11.47 ට පැමිණි ප්‍රධාන විනිසුරුවන් දෙපළ පැමිණි අතර ප.ව. 12.02 පමණ විට සිව්වැනි දිනට තරගය අත හැර දැමූ බව ප්‍රකාශ කළහ. 

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5.2 කින් සමන්විත වුණු තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 6 කට ලකුණු 282 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 87 ක් සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 06 ක් ලබා පස්වැනි සහ අවසන් දිනය වන හෙට (15 දා) දිනයේදීද පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. 

Active filters

Recent Posts

  • එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සිව්වැනි තැනට
    අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථාන 4 දෙනා දක්වා ඉදිරියට පැමිණ සිටියි. ප්‍රසාද ලකුණු 103 ක් ලබා සිටින ශ්‍රී ලංකාව එක් ස්ථානයක් […]
  • සෙබස්තියනයිට්ස්, මොරටුවට පරදියි
    මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයෙන් මොරටුව ක්‍රීඩා […]
  • කමිඳුගේ ග්‍රීන්ස් දෙවැනි ජයත් ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (10 දා) පැවැති තරගයේදී ග්‍රේස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ ග්‍රීන්ස් […]
  • අභිෂේක් සහ අනුක් ප්‍රථම දිනයේ දී දස්කම් දක්වති
    මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වු අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) කණ්ඩායම් අතර දෙදින […]
  • විශ්මිගේ දැවැන්ත ප්‍රහාර‍ෙන් සී.සී.සී.ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ‍කෝල්ට්ස් ක්‍රිකට් පිල ලකුණු44-කින් පරාාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ කාන්තාවෝ […]

Pin It on Pinterest

USD United States (US) dollar