slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2019
කොදෙව්වන් අන්ත පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා යෞවනයෝ අපරාජිත බව රැක ගනිති

Sri Lanka Cricket

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් යොවුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවුණු තෙවැනි තරගය හෙවත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 130 ක දැවැන්ත ජයක් අත්ගත් ශ්‍රී ලංකා යෞවනයෝ තරගාවලියේ තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට ඊයේ (15 දා) සමත්වූහ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 234 ක් රැස් කළ නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය පිල පන්දුවාර 34.4 කදී ලකුණු 104 කට සීමා කිරීමට කවිඳු නදීෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

තරගය අතරතුර ඇතිවූ ආබාධයක් හේතුවෙන් රැමොන්ඩ් සීමන්ස් පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටිය අතර දැවී ගිය සෙසු පිතිකරුවන් 9 දෙනාගෙන් 7 දෙනෙකුම කවිඳු නදීෂාන් සහ සුධීර තිලකරත්න බෙදා ගත්හ. එහිදී කැපී පෙනුණු කවිඳු පන්දුවාර 6.4 කදී ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගන්නා අතර වාරයේ සුදීර තිලකරත්න පන්දුවාර 6 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන්නද ඉදිරි පෙළ පිතිකරුවන්ට එතරම් ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීම සඳහා සත්කාරක පන්දු යවන්නෝ ඉඩ කඩ ලබා නොදුන්හ. ඉනිමේ 27 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 6 ම ලකුණු 95 කදී දවා දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියහ. 

අංක 5 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නිපුන් පන්දු 98 කදී නොදැවී ලකුණු 91 ක් රැස් කරන ලද්දේ හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිමිනි. එහිදී ප්‍රථමයෙන්ම 7 වැනි කඩුල්ල වෙනුවෙන් සුදීර තිලකරත්න සමඟ එක්වූ නිපුන්, ලකුණු 67 ක සම්බන්ධතාවයක්ද කවිඳු නදීෂාන් සමඟ එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක්ද එක් කරන ලද්දේ ලකුණු 234 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඉඩ පහස සලසාලමිනි. 

කණ්ඩායම අසීරු අවස්ථාවක වැටී සිටියදී පිතිකරුවකු වශයෙන් දක්වන ලද සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් එම තරගයේ වීරයා සම්මානයෙන් නිපුන් ධනංජය සම්මාන ලබද්දී ඔශුට අනගි සහායක් ලබා දුන් සුදීර තිලකරත්න ලකුණු 27 ක්ද කවිදු නදීෂාන් ලකුණු 11 ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවෙන මීළඟ තරගය අද (15 දා) එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟ කූලිජ්හිදී පැවැත්වේ. 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee