slc
logo
Home   |    News
දෙසැම්බර් 26, 2019
ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 ට බුම්රා එයි

Sri Lanka Cricket

පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ලබන ජනවාරි මස පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම් කිරීමට ඉන්දීය තේරීම් වලදී තීරණය වී තිබේ.

ටෙස්ට් තරග අංශයේ 6 වැනි ස්ථානයේද පසුවන බුම්රා අවසන් වරට ඉකුත් අගෝස්තු මසදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියට ක්‍රීඩා කළ අතර ඒ අතර තුර සිදුකරන ලද පුහුණුවීම් වලදී සිය ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව වූ ගැටලුවට මුහුණ දී තිබුණි.

මේ අතර ගෙවී ගිය වසර තුළ එක්දින තරග පිටියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්ව සිටින ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ වේග පන්දු යවන මොහොමඩ් ශමීවද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී විවේක ගැන්වීමට එම තේරීම් වලදී පියවර ගෙන තිබේ. ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි වේවක ගන්වන විට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ෂර්මා ගෙවී ගිය මාස 10 ක පමණ කාලයේ සිට ක්‍රීඩා කර ඇති නිසා ඔහු වෙහෙසට පත්ව සිටින බව එම තේරීම් වලදී තීරණය වී තිබේ. ඔහු අයි. පී. එල්. තරගාවලියේ සිට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය වන තෙක්ම පැවැති බහුතරයක් තරගාවලිවලට සහභාගිවීම ඊට හේතුව වී තිබේ.

සුලු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගාවලියේදී ස්ථානය අහිමිවූ වූ ශිකර් ධවාන්ද ශ්‍රී ලංකාවට එරෙහිව නම් කරන ලද ඉන්දීය සංචිතයට නම් කර තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 දා) යළි දිවයිනට පැමිණි නමුත් ඉන්දියානු තරග සංචාරයට සහභාගිවන කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර නොමැත.

ඉන්දීයාව සමඟ පැවැත්වෙන තරග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ලබන 05 වැනිදා ගුවාටිහි දී ආරම්භ වන අතර දෙවැනි තරගය 07 වැනිදා ඉන්දොරේහිදීද තෙවැනි තරගය ලබන 10 වැනිදා පුනේහිදීද පැවැත්වෙනු ඇත.  

ඉන්දීය විස්සයි/20 කණ්ඩායම – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, කේ. එල්. රාහුල්, ශ්‍රෙයාස් අයර්, මනිෂ් පාණ්ඩේ, සංජු සැම්සන්, රිෂාබ් පාන්ට්, ශිවාන් ඩුබ්. යුස්වෙන්ද්‍ර චෙහල්, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජඩේජා, ශාර්දුල් ඨාකූර, නව්දීප් සයිනි, ජස්ප්‍රිට් බුම්රා, වොෂිංටන් සුන්දාර්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee