slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2019
ශ්‍රී ලංකා යෞවනයෝ තුන්කොන් ශූරයින් වෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දූපත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (21 දා) රාත්‍රියේදී සමත්විය.

දින ගණනාවක් තිස්සේ පැවැති මෙම තරගාවලි අවසන් මහ තරගයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට වඩා හොද යහපත් මානසිකත්වයක්ද නිර්මාණය කර ගැනීමට සමත්වූහ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 266 ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායම හමුවේ තැබීමට සමත්වූයේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානගේ මිළ කළ නොහැකි ශතකයට ස්තූතිවන්නටය. 

අවසන් මහ තරගයට පෙර එංගලන්තය මුණ ගැසුණු අවස්ථාවේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත්වූ නවෝද් පරණවිතාන සහ කමිල් මිශාර මෙම තරගයේදීද එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු 149 ක් ඒ වෙනුවෙන් වැය කළ මෙම පිතිකරු යුගලය අතරින් කමිල් මිශාර ප්‍රථමයෙන්ම දැවී ගියේය. පන්දු 84 කට මුහුණ දුන් මිශාරගේ ලකුණු 69 කින් සමන්විත ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතර් පහර 7 ක් ඉනිමට එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා වූ නවෝද් පරණවිතාන තම ලකුණු 108 ක ඉනිම සදහා පන්දු 119 කට මුහුණ දුන්නේය. හතරේ පහර 16 කින් වර්ණවත් වූ පරණවිතාන මුලු ලකුණු සංඛ්‍යාව 203 ක්ව තිබියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ තෙවැනි පිතිකරුවා ලෙසිනි.  ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණෙද්දී තරගාවලිය පුරා ලකුණු අතරට සිටි නිපුන් ධනංජයට ලබාගත හැකි වූයේ ලකුණු 06 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන්ට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 43.1 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණි. එහිදී කැපී පෙනුණු කවිඳු නදීෂාන් ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගනිද්දී පිත්තෙන් ලබා දුන් දායකත්වයට අමතරව පන්දු යැවීමේදීද කඩුලු 2 ක් දවා ගැනීමට නවෝද් පරණවිතාන සමත්වූවේය. ඔවුන්ට අමතරව සුධීර තිලකරත්න සහ අෂේන් ඩැනියෙල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. එංගලන්ත පිල වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූ එකම පිතිකරුවා වූයේ ජෝර්ඩන් කොක්ස් වන අතර ඔහු පන්දු 102 කදී ලකුණු 77 ක් ලබා ගත්හ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්නද කළමනාකරු ලෙස ෆර්වීස් මහරූෆ් යන මහත්වරුද කටයුතු කරති. 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee