slc
Home   |    News
දෙසැම්බර් 10, 2019
23න් පහළ පිරිමි ක්‍රිකට් රිදී පදක්කමත් ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

නේපාලයේ පැවැති සාග් ක්‍රීඩා උළලේ අවුරුදු 23න් පහළ පිරිමි (නැගීඑන) ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී කඩුලු 7කින් ශ්‍රී ලංකාව පරාජය කළ බංග්ලාදේශය රන්පදක්කම දිනාගත්තේය. අනූසූරයන් වූ ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීම මුලින් පැවරීය. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 122ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර 18.1කදී කඩුලු තුනක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 125කි.

මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ත්‍යාගය ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ට පිරිනැමිනි. අවසාන තරගයේ වීරයා වූයේ බංග්ලාදේශයේ හසන් මහ්මුද්ය. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ඔවුනගේ සාග් කණ්ඩායමටද ඇතුළත්ව සිටියහ. ශ්‍රී ලංකාව පහසුවෙන් ජයගත් ඉරිදා (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේදී විශාල ලකුණු සංඛ්‍යා අතර සිටි ශ්‍රී ලංකාවේ ලසිත් කෲස්පුල්ලේට හා පැතුම් නිශ්ශංකට ලකුණු අතරට පිවිසීමට මෙදින නොහැකිවීම ලංකා පිලට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයකට යාමට නොලැබුණු ප්‍රධාන හේතුවයි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ ෂම්මු අෂාන් ලකුණු 25ක්ද (පන්දු 20යි හතරේ තුනයි) පැතුම් නිශ්ශංක ලකුණු 22ක්ද (පන්දු 24යි හතරේ දෙකයි) නිශාන් මධුශංක ප්‍රනාන්දු ලකුණු 16ක්ද (පන්දු 19යි හතරේ දෙකයි) ලබාගත්හ. ලකුණු අතර සිටි කමිදු මෙන්ඩිස් (04) හා ලසිත් කෲස්පුල්ලේට (00) මෙදින ලකුණු අතරට ඒමට අවස්ථාව නොලැබිණි. හසන් මහ්මුද් ලකුණු 20ට ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු දවාලූවේය.

බංග්ලාදේශය වෙනුවෙන් සයිෆ් හසන් ලකුණු 33ක්ද සෞම්‍ය සාකර් ලකුණු 27ක්ද නායක නජ්මුල් හොසේන් නොදැවී ලකුණු 35ක්ද (පන්දු 28යි හතරේ 2යි හයේ එකයි) රැස් කරමින් තම පිල පහසු ජයග්‍රහණයකට යොමු කළහ.කමිදු මෙන්ඩිස් ලකුණු නවයකට කඩුල්ලක් දවාලූවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest