
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් ලබා අවසාන තරගයට සුදුසුකම් ලැබීය අවසාන තරගය මේ කණ්ඩායම් දෙක අතරම දෙසැම්බර් 9 වැනිදා දහවල් පැවැත්වේ.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 150ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ජය ගත්තේ ඕවර 16.1කට පමණක් මුහුණ දීමෙනි.
බංග්ලාදේශය පන්දුවට පහරදෙන අවස්ථාවේ ඕවර 4.1කදී කඩුලු තුනක් දැවී ලකුණු 21ක් පමණක් ලබා සිටියත් පසුව සිව්වන කඩුල්ලට මහිඩුල් ඉස්ලාම් (44) සහ යසිර් අලි (51) ඕවර 11කදී සිව්වන කඩුල්ලට ලකුණු 80ක් එක්කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ. දක්ෂ පන්දු යැවීම නිරත වූ අසිත ප්‍රනාන්දු සිය ඕවර හතර අවසානයේ ලකුණු 29ක්දී කඩුලු දෙකක් දවාලූවේය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ දෙවන කඩුල්ලට පැතුම් නිශ්ශංක සහ ලසිත් කෲස්පුල්ලේ ඕවර 14.2කදී නොදැවී ලකුණු 134ක් රැස්කරමින් පහසුවෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. ලසිත් පන්දු 41කට පමණක් මුහුණදී හතරේ හතක් හයේ හතරක් සමග නොදැවී ලකුණු 73ක් ද පැතුම් නිශ්ශංක පන්දු 52කදී හතරේ පහක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 67ක්ද ලබාසිටියහ
ශ්‍රී ලංකාව මේ තරගයෙන් ජය ලැබුවේ ඕවර 3.5ක් ඉතිරිව තිබියදීය. ලසිත් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-