slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2019
කමිඳුගේ සුපිරි පිතිහරඹයෙන් ශ්‍රී ලංකා නැගී එන පිල දෙවැනි ජයත් ලබයි

Sri Lanka Cricket

නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (05 දා) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 98 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 192 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවීමට සමත්වුවත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 94 ක් පමණි.

නේපාල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම සඳහා පෙරමුණ ගත් පන්දු යවන්නන් අතර නිශාන් පීරිස් කැපී පෙනුණු නමුත්, ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු සහ කවිෂ්ක අංජුලද කඩුලු 2 බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රාහී ගමන ඉක්මන් කිරීමට දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ කමිඳු මෙන්ඩිස් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත්විය. ඔහුට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පිතිකරුවන් යුගලය බවට පත්වූයේ ශම්මු අශාන් (22) සහ අශේන් බණ්ඩාර (26) පමණි.

එහිදී ප්‍රථමයෙන්ම ශම්මුට එක්වූ කමිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී වේගවත් ලකුණු 56 ක සම්බන්ධතාවයක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් අශේන් බණ්ඩාර සමඟ එක්ව පන්දු 27 කදී ලාකුණු 64 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට රැගෙන ඒමට සමත්වූහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee