slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2019
ශ්‍රී ලංකා නැගී එන පිරිමි කණ්ඩායම මුල් තරග තුනම ජයගනී

Sri Lanka Cricket

    සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගිවූ පළමු තරග තුනම ජයගෙන තිබේ.

    පළමු තරගය නේපාලය පරදා ලකුණු 98කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයද පහසුවෙන් ජයගත්තේ ලකුණු 173කින් භූතානය පරදවමිනි. තෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු හයකින් සත්කාරක නේපාලය පරාජය කළේය.

    ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගයේදී ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදෙමින් කඩුලු හතරකට ලකුණු 192ක් (ඕවර 20දී) ලැබීය.කමිදු මෙන්ඩිස් පන්දු 54කදී හතරේ දහයක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 102ක්ද අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 26ක්ද ෂම්මු අෂාන් ලකුණු 22ක්ද රැසකළහ. මාලදිවයිනට ඕවර 20 අවසානයේ කඩුලු නවයකට ලබාගත හැකි වූයේ ලකුණු 94කි. ‍මෙහිදී මොහොමඩ් රියස්වාන් ලකුණු 29ක් ලැබීය. කේ.එන්.පීරිස් ලකුණු 9කට කඩුලු දෙකක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 14කට කඩුලු දෙකක්ද දවාලූහ.

    ශ්‍රී ලංකා – භූතාන තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙස භූතානය ඕවර 18.4කදී ලබාගත්තේ ලකුණු 75කි. පැතුම් නිශ්ශංක පන්දු 48කදී හතරේ අටක් හයේ දෙකක් සමග ලකුණු 76ක්ද කේ.එම්.ප්‍රනාන්දු පන්දු 38කදී හතරේ දහයක් හයේ පහරක් සමග ලකුණු 65ක්ද ලබා ගත්හ. භූතානයේ ආර්.ඩෝජි ලකුණු 22ක් රැස් කළේය. එස්.කොළඹගේ ලකුණු හයකට කඩුලු 2ක්ද අෂේන් බණ්ඩාර ලකුණු තුනකට කඩුල්ලක් දවාලූහත.

    ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය තියුණු මුහුණුවරක් ඉසිලීය. ඉන්දීය නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු පහකට ලකුණු 172ක් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 175ක් ලබා කඩුලු හයකින් ජයගත්තේ ඕවර 19.1කදීය. නේපාලයේ ඩි.එයාරි ලකුණු 72ක් ලැබූ  අතර කමිදු මෙන්ඩිස් ලකුණු 34කට කඩුලු 02ක් දවාලීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ෂම්මු අෂාන් ලකුණු 72ක් ද (පන්දු 44යි හතරේ හතරයි හයේ පහයි) කේ.එම්. ප්‍රනාන්දු ලකුණු 46ක්ද (පන්දු 42යි හතරේ පහයි හයේ එකයි) ලබාගත්හ.

(බන්දුල මොල්ලිගොඩ)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee