slc
logo
Home   |    News
ජනවාරි 11, 2020
තෙවැනි විස්සයි-20 ත් ඉන්දියාව ජය ගනියි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදීද ලකුණු 78 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත්විය. 

පුනේහිදී පැවැති මෙම තරගයේදී ලකුණු 202 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ව පන්දුවාර 15 කුත් පන්දු 2 කදී සියලු දෙනාම ලකුණු 123 කට සීමා කළ ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ සඳහන් තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීම කැපී පෙනිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනුන පිතිකරුවා වූ ධනංජය සිලවා පමණක් ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් වූ අතර කලකට පසු විස්සයි විස්ස කණ්ඩායමට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31ක් රැස්කර ගැනීමට සමත් විය. 

වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවෝ නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු201ක් රැස් කර ගත් හ.

දැවැන්ත ලකුණු පුවරුවක් සඳහා තම කණ්ඩායමට මනා අඩිතාලමක් දැමූ ආරම්භකපිතිකරුවන් වූ කේ. එල්. රාහුල් සහ ශේකර් ධවාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 97ක සබඳතාවයක් ගොඩ නැගූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු විටෙක තම රිද්මයට පැමිණීමට ඉඩ ලබා නොදුන් ඔවුහු එම සබඳතාව සඳහා වැය කළේ පන්දු 65ක් පමණි. 

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන රෝහිත් ශර්මා විවේක ගන්වමින් මේ තරගාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස රාහුල් සහ ධවාන් යෙදවීමට ඉන්දීය තේරීම් කමිටුවතීරණය කළේ ඔවුන් දෙදෙනා අතරින් ශර්මාගේ සහායට වඩාත් සුදුස්සා තෝරා ගැනීමවෙනුවෙනි. නමුත් ඉන්දීය තේරීම් කමිටුව අමාරුවේ දමමින් එකෙනෙකාට නොදෙවෙනි ක්‍රීඩා කෞෂල්‍යයක් පෙන්වූ රාහුල් සහ ධවාන් දෙදෙනාම ඊයේ තරගයේදී අර්ධ ශතක රැස් කිරීම කැපී පෙනෙන සිදු වීමක් විය.

එහිදී රාහුල් පන්දු 36 කින් ලකුණු 54ක් රැස් කරද්දී ධවාන් පන්දු 36 කදී රැස් කළ ලකුණු ගණන 52ක් විය. කෙසේ නමුත් ඇන්ජලෝ මැතිව්ස් යැවූ තරගයේ දෙවැනි පන්දු වාරයේදී ශේකර් ධවාන් විසින් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට ලබා දුන් උඩපන්දුව දසුන් ශානක අතින් ගිලිවහී ගිය අතර ඒ අවස්තාවේ ශානක හතරේ සීමාවට බොහෝ මෙපිටින් පන්දු රකිමින් සිටීම විචාරකයන්ගේ විවේචනයට බඳුන්විය. 

ලසිත් මාලිංග විසින් පවර් ප්ලේ අවස්තාවේ එක් අන්තයකින් පන්දු වාර 3ක් ක්‍රියාත්මක කරද්දී අනෙක් අන්තයේ පන්දු වාර 3 සඳහාපන්දු යවන්නන් තිදෙනෙකුම යොදා ගැනීමට ඔහුට සිදුවූයේ ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙනි.

පවර් ප්ලේ අවස්තාව නිම වීමෙන් පසු දඟ පන්දු යවන්නන් යොදා ගැනීමත් සමඟ ඉන්දීය පිතිකරුවන්ගේ යම් පාලනයක දැකගත හැකිවුවත් අනතුරුව පිටියේ එක්වූ නායක කෝලි සහ මනීෂ් පාන්ඩේ ඉන්දීය ඉනිම සාර්ථක අවසානයක් කරා කැඳවා ගෙන ගියහ. 

ඒ අනුව පන්දු වාර 12.5 ක් අවසානයේ ලකුණු 122ට කඩුලු හතරක් ලෙස දැක්වුණු ඉන්දීය ලකුණු පුවරුව තරගයේ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසු වීමෙන් කෝලි දැවී යන විට ලකුණු 164ට කඩුලු 5ක් ලෙස සටහන් වී තිබුණි. ඉනිම අවසන් වනතුරු නොදැවී ක්‍රීඩාකල මනීශ් පාන්ඩේ ලකුණු 31ක් ලබා ගත් අතර ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 18ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනුණු පන්දු යවන්නා බවට පත්වූ ලක්ෂාන් සඳකැන් පන්දු වාර හතර තුළ ලකුණු 35ක් ලබා දෙමින්කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු පන්දුවාරයේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූ අතර පන්දු වාර 5යි 1 පන්දුවක් අවසාන වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන වූයේ කඩුලු 4කට ලකුණු 26ක් ලෙසිනි.

කඩා වැටුණු ඉනිමට ජීවයක් එක් කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තරමක සැනසීමක් ලබා දුන් මැතිව්ස් සහ ධනංජය ලකුණු 68 ක සබඳතාවයක් පිහිටවූ අතර ඒ සඳහා හයේ හතරක්ද ඇතුළත් විය. 

ඉන්දීය කණ්ඩායමේ සාර්ථක පන්දු යවන්නා වූ නව්දීප් සයිනි ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර වොෂින්ටන් සුන්දර් ලකුණු37කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය. 

ලකුණු පුවරුව
ඉන්දියාවලකුණු පන්දු46
කේ. එල්. රාහුල්ස්ට.කුසල් පෙරේරාප.ලක්ෂාන් සඳකැන්543651
ශිකර් ධවාන්ඇ.ධනුෂ්ක ගුණතිලකප.ලක්ෂාන් සඳකැන්523671
සංජු සැම්සන්කඩුල්ල මුවා කළාප.වනිඳු හසරංග0621
මනීෂ් පාන්ඩේනොදැවී
311840
ශ්‍රෙයාස් අයියර්ඇ.සහප.ලක්ෂාන් සඳකැන්4210
විරාට් කෝලිදුවද්දී දැවී ගියාගුණතිලක-කුසල්261721
වොෂිංටන් සුන්දර්ඇ.ලක්ෂාන් සඳකැන්ප.ළහිරු කුමාර00100
ශර්දුල් ඨාකූර්නොදැවී
22812
අතිරේක06
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු201
කඩුලු වැටීම – 1-97 (ධවාන්), 2-106 (සැම්සන්), 3-118 (රාහුල්), 4-122 (අයියර්), 5-164 (කෝලි), 6-164 (සුන්දර්),
පන්දු යැවීම
ලසිත් මාලිංග 4-0-40-0ඇන්ජලෝ මැතිව්ස් 3-0-38-0
ධනංජය ද සිල්වා 1-0-13-0ළහිරු කුමාර 4-0-46-1
වනිඳු හසරංග 4-0-27-1ලක්ෂාන් සඳකැන් 4-0-35-3
ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලකඇ.වොෂිංටන් සුන්දර්ප.ජස්ප්‍රිට් බුම්රා01200
අවිශ්ක ප්‍රනාන්දුඇ.ශ්‍රෙයාස් අයියර්ප.ශර්දුල් ඨාකුර්09701
කුසල් පෙරේරා
ඇ.නව්දීප් සානි071010
ඕෂධ ප්‍රනාන්දුදුවද්දී දැවී ගියාපාන්ඩේ02500
ඇන්ජලෝ මැතිව්ස්ඇ.මනීෂ් පාන්ඩේප.වොෂිංටන් සුන්දර්312013
ධනංජය ද සිල්වාඇ.ජස්ප්‍රිට් බුම්රාප.නව්දීප් සානි573681
දසුන් ශානකඇ.සහ ප.ශර්දුර් ඨාකූර්09901
වනිඳු හසරංගදුවද්දී දැවී ගියාචහල්00200
ලක්ෂාන් සඳකැන්ස්ට.සංජු සැම්සන්ප.වොෂිංටන් සුන්දර්01200
ලසිත් මාලිංග ඇ.විරාට් කෝලිප.නව්දීප් සානි00100
ළහිරු කුමාරනොදැවී
01100
අතිරේක05
එකතුව පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු123
කඩුලු වැටීම – 1-05 (ගුණතිලක), 2-11 (අවිශ්ක), 3-15 (ඕෂධ), 4-26 (කුසල්), 5-94 (මැතිව්ස්), 6-110 (දසුන්), 7-110 (වනිඳු), 8-118 (සඳකැන්), 9-122 (ධනංජය)
පන්දු යැවීම
ජස්ප්‍රිට් බුම්රා 2-0-05-1ශර්දුර් ඨාකූර් 3-0-19-2
නව්දීප් සානි 3.5-0-28-3වොෂිංටන් සුන්දර් 4-0-37-2
යුෂ්වේන්ද්‍ර චහල් 3-0-33-0

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar