slc
logo
Home   |    News
ජනවාරි 12, 2020
ශ්‍රී ලංකා යෞවනයෝ සත්කාරකයින් පරාජය කරමින් ජයග්‍රාහීව වැඩ අල්ලති

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි පළමු පුහුණු තරගය බවට පත්වූ  දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට අද (12 දා) සමත්වූහ.

ඩොබ්සන්විලීහි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කරගත් අතර එය හඹා ගිය සත්කාරක පිලට පන්දුවාර 44.1 කදී සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවද එම සම්බන්ධතාවය බිද දැමීමට සුදීර තිලකරත්න සමත්වීමත් සමඟ දකුණු අප්‍රිකානු පිලේ හඹා යෑම බිඳ වැටීම ඇරැඹිණි. කෙසේ වෙතත් සිය අන්තය ආරක්ෂා කරගත් අනෙක් ආරම්භක පිතිකරු ජොනතන් බර්ඩ් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු 71 ක් රැස් කිරීමට සමත්විය. පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු රැස් කළ බර්ඩ්  දකුණු අප්‍රිකානු ඉනිමේ පස්වැනි පිතිකරුවා ලෙසින් දවා ගැනීමට නිපුන් ධනංජය සමත්වීමත් සමඟ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිල වෙත නතු විය.

එහෙත් මැද පෙලින් පන්දුවට පහර දීමට පැමිණි ජැක් ලීස් ලකුණු 46 ක් රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රමාද විය. පන්දු 70 ක් මිඬංගු කළ ලීස් අශේන් ඩැනියෙල්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට ආශිර්වාදයක් නොවූනාම නොවේ. පන්දු යැවීමේදී අම්ෂි ද සිල්වා කඩුලු 2 ක් දවා ගැනීම හැරුණු කොට වෙනත් කිසිම පන්දු යවන්නකු එක් කඩුල්ලකට වඩා දවා ගැනීමට අපොහොසත් වූහ.

පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන වේගවත් ආරම්භයක් ලබා දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමඟ පන්දු 64 කදී වෙගවත් ලකුණු 68 ක් ලබා ගැනීමට සමත්විය. එහෙත් ඔහුට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය අහිමිවීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ඉනිම සීමාවීමට ප්‍රධාන සාධකය බවට පත්විය.

නවෝද්ට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් බවට පත්වූයේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි අහන් වික්‍රමසිංහ සහ අවසන් පිතිකරුවා වූ කවිඳු නදීෂාන් පමණි. මැද පෙළ ශක්තිමත් කරමින් අහන් ලකුණු 34 ක් රැස් කරද්දී කවිඳු ලකුණු 22 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් අහන් මුලු ලකුණු සංඛ්‍යාව 159 දී දැවී ගිය නමුත් අවසන් කඩුල්ලට එක් වූ කවිඳු සහ සුදීර තිලකරත්න ලකුණු 38 ක සම්බන්ධතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවේ ආසන්නයට රැගෙන ආහ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 197 යි – (නවෝද් පරණවිතාන 68, කමිල් මිශාර 01, රවිඳු රසාන්ත 10, තවිෂ අභිෂේක් 14, නිපුන් ධනංජය 00, සොනාල් දිනූෂ 04, අහන් වික්‍රමසිංහ 34, චමිඳු විජේසිංහ 04, අෂේන් ඩැනියෙල් 07, සුධීර තිලකරත්න 16*, කවිඳු නදීෂාන් 22, මෙරික් බ්‍රෙට් 30/2, වැන් වූරන් 15/2)

දකුණු අප්‍රිකානු යොවුන් පිල පන්දුවාර 44.1 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (ඇන්ඩෘ ලූ 15, ජොනතන් බර්ඩ් 71, බ්‍රයිස් පාර්සන් 02, ටයිරෙස් කාර්ල්සි 03, පෙකෝ මොලෙට්සන්, ජැක් ලීස් 46, ලුක් බීෆොර්ට් 03, වැන් වූරන් 03, ජෙරාල් කොට්සී 06, මෙරික් බ්‍රෙට් 00, අචිල් ක්ලෝට් 06*, අම්ෂි ද සිල්වා 30/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee