slc
logo
Home   |    News
ජනවාරි 7, 2020
පිතිකරුවන්ට වාසිදායක තණතීරුවේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දොරේහිදී අද (07 දා) පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාට් කෝලි පිතිකරුවන්ට පාරාදීසයක් බඳු ඉන්දොරේ තණතීරුවේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව විවර කර දුන්නේය.


වර්ෂාව හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමා වුණු පළමු තරගයට නම් කරන ලද කණ්ඩායම් වල කිසිදු වෙනසක් නොකරමින් කණ්ඩායම් දෙකම අද තරගයට අවතීර්ණ වී සිටිති. තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන ඉන්දොරේහිදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙනවාට හඹා යෑම පහසු බව වටහා ගෙන සිටින ඉන්දීය නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක කණ්ඩායමට ලබා දුන්නේය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ද පවසා සිටියේ කාසියේ වාසිය තමන් සතු වූයේ නම් මෙම තණතීරුව හඹා යෑමට තමාද තීරණය කර සිටි බවයි.


ඒ අනුව අද තරගයටද ශ්‍රී ලංකා පිල අවතීර්ණව ඇත්තේ පළපුරුදුම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් රහිතවය. ඊට අමතරව කුසල් මෙන්ඩිස්ටද අද තරගයේදී වෙන්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි බංකුව වේ.


පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණු බැවින් ලබන අගෝස්තු මසදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කර ගැනීම සඳහා මෙම වසරේදී කණ්ඩායම් 2 ම ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙන පළමු තරගය වන්නේ අද පැවැත්වෙන තරගය වේ. ලෝක කුසාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට පෙර ඉන්දියානු පිලට තවත් විස්සයි-20 තරග 22 කටද ශ්‍රී ලංකාව තරග 10 කටද සහභාගිවීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායම – 1. අවිශ්ක ප්‍රනාන්දු, 2. ධනුෂ්ක ගුණතිලක,3. කුසල් පෙරේරා, 4. ඕෂධ ප්‍රනාන්දු, 5. භානුක රාජපක්ෂ, 6. ධනංජය ද සිල්වා, 7. දසුන් ශානක, 8. ඉසුරු උදාන, 9. වනිඳු හසරංග, 10. ලසිත් මාලිංග (නායක), 11. ළහිරු කුමාර.
ඉන්දියානු කණ්ඩායම – 1. ලෝකේෂ් රාහුල්, 2. ශිකර් ධවාන්, 3. විරාට් කෝලි (නායක), 4. ශ්‍රෙයාස් අයියර්, 5. රිෂාබ් පාන්ට්, 6. ශිවම් ඩූබ්, 7. වොෂිංටන් සුන්දර්, 8. කුල්දීප් යාදව්, 9. ශර්දුල් ඨාකූර්, 10. නව්දීප් සානි, 11. ජස්ප්‍රිට් බුම්රා.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

USD United States (US) dollar