slc
logo
Home   |    News
ජනවාරි 1, 2020
මාස 16 ක නිහැඬියාවකින් පසු මැතිව්ස් විස්සයි-20 පිටියට

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණක් සිදු කරමින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

2020 වසර උදාවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන පළමු ජාත්‍යන්තර තරගාවලිය බවට පත්ව තිබෙන්නේ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය වේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත විස්සයි-20 කණ්ඩායම සඳහා එක්ව සිටින ක්‍රීඩකයින් දෙපළ බවට පත්ව සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට නම් නොකළද, මෙම වසර මැදදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වැඩි කාර්යය භාරයක් ලබා ගැනීමේ අරමුණ පෙර දැරිව මොවුන්ව යළිත් කණ්ඩායමට එක් කිරීමට තේරීම් වලදී තීරණය වී තිබේ.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් විස්සයි-20 කණ්ඩායමට පැමිණ සිටින්නේ මාස 16 කට පමණ කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට මැතිව්ස් විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ අගෝස්තු මසදීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග 72 කදී ලකුණු 1055 ක් ලබා ඇති ඇන්ජලෝ කණ්ඩායමට ක්‍රීඩා කරන ලද මුල් සමයේදී වේග පන්දු යවමින් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දායකත්වය ලබා දුන් නමුත් අවසන් වසර කීපයේදී පන්දු යැවීමෙන් වැළකී සිටියේය. 

කෙසේ වෙතත් මැතිව්ස් නැවත කණ්ඩායමට කැඳවීමේ පන්දු යවන්නකු වශයෙන් ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව තේරීම් කමිටුවේ වැඩි අවධානයක් යොමුවිය. මොවුන් දෙදෙනා කණ්ඩායමට පැමිණීමේදී ෂෙහාන් ජයසූරියට පමණක් සිය ස්ථානය අහිමිවී තිබෙන අතර නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම මත කණ්ඩායමට පැමිණීමට නොහැකිව තිබේ. 

ආබාධයකට ගොදුරු නොවුණේ නම් නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලියේදී නිසැකයෙන්ම ස්ථානය පවතින නමුත්, ඒ වෙනුවට කසුන් රජිතව කණ්ඩායමට එක් කර තිබේ. අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී කසුන් රජිත මස් පිඬු පෙරැළීමේ ආබාධයකට ගොදුරු වූ නමුත්, මේ වන විට එම ආබාධිත තත්ත්වය සුව අතට පත්ව තිබේ. 

විස්සයි-20 තරග 3 ක් පමණක් ඇතුළත් මෙම තරගාවලියේ පළමු තරගය මෙම මස 05 වැනිදා ගුවාතිහිදීද, දෙවැන්න ජනවාරි 07 වැනිදා ඉන්දොරේහිදීද සහ තෙවැන්න 10 වැනිදා පුනේහිදීද පැවැත්වෙනු ඇත.  තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (02 දා) අළුයම ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. 

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දියාවේ විස්සයි-20 තරග සංචාරයකට සහභාගිවූයේ 2017 වසරේ දෙසැම්බර් මසදී තිසර පෙරේරාගේ නායකත්වය යටතේ වන අතර එම තරගාවලිය 3-0 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, කසුන් රජිත, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්.

කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් – ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා

ඉවත් වුණු ක්‍රීඩකයින් – ෂෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්.  

තරග කාලසටහන
දිනයතරගයක්‍රීඩාංගණය
ජනවාරි 05පළමු විස්සයි-20 තරගයගුවාටිහිදී
ජනවාරි 07දෙවැනි විස්සයි-20 තරගයඉන්දොරේ
ජනවාරි 10 තෙවැනි විස්සයි-20 තරගයපුනේ

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee