slc
Home   |    News
පෙබරවාරි 25, 2020
තියුණු සටනකින් පසු ඔස්ට්‍රේලියාව ජය ගනියි

Sri Lanka Cricket

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

පර්තිහි වකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාන්තා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියානු පිලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගයේ ප්‍රතිඵලය අවසන් පන්දුවාරය දක්වා ඇදී යෑම විශේෂත්වයක් විය. ඒ අනුව ඉලකුණු 123 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක පිතිකාරිණියෝ පන්දු 3 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් ප්‍රතිවාදීන් හමුවේ පූජා කරමිනි.

හඹා යෑමේදී ඉදිරි පෙළ පිතිකාරිණියන් දෙදෙනාම ලකුණු 10 ක් ඇතුළත දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සාර්ථක ආරම්භයක් එක් කර ගැනීමට සමත් වුවත් සිවුවැනි කඩුල්ලට එක් වූ නායිකා මැග් ලැලින් සහ රචිල් හෙයින්ස් පන්දු 85 කදී ලකුණු 95 ක් රැස් කරමින් වාසිය ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්හ. එහිදී ලැලින් පන්දු 44 කදී ලකුණු 41 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගනිද්දී හෙයින්ස්ගේ ලකුණු 60 සඳහා පන්දු 47 ක් වැය කළාය. පන්දු යැවීමේදී කැපී පෙනුණු උදේශිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවාලූහ. මෙම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උඩ පන්දු 3 ක් අතහැර දැමීම තරගයේ පරාජය කෙරෙහි සෘජුවම බලපෑමක් ඇති කළේය.

නායිකා චමරි අතපත්තු පන්දඅ 38 කදී රැස් කරන ලද ලකුණු 50 හේතුවෙන් ලකුණු 122 ක් දක්වා ශ්‍රී ලංකාවට ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. මෙය මෙවර තරගාවලියේ ිඅතපත්තු විසින් වාර්තා කරන ලද දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය වීම කැපී පෙනුණි. ඇය සිය ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කරගත්තාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අතපත්තුට අනගි සහයාක් ලබා දුන් අනුෂ්කා සංජීවනී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 53 ක් එක් කරමින් ශක්තිමත් පදනමක් එක් කළද එම සම්බන්ධතාව බිඳී යෑම නිසා මීට වඩා ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට තිබූ වාසිය අහිමිව ගියේය. පන්දු 31 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස් කිරීමට අනුෂ්කා සමත්වූවාය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන 29 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 යි – (චමරි අතපත්තු 50, උමේෂා තිමේෂනී 20, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 18, නිකොලා කෙරී 18/2, මොල්ලි ස්ටෙනෝ 23/2)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.3 කදී කඩුලු 5 කට ලකුණු 123 යි – (රචිල් හෙයින්ස් 60, මැග් ලැලින් නොදැවී 41, ශෂිකලා සිරිවර්ධන 20/2, උදේශිකා ප්‍රබෝධනී 17/2)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest