slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2020
පළමු දිනයේදීම රමේෂ් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (ජනවාරි 31 දා) දිනයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන රමේෂ් මෙන්ඩිස් සමත්විය. 

මීගමුවට එරෙහිව පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නියැළුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 205 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 207 කට පමණක් මුහුණ දුන්නේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 19 ක් ඇතුළත් වුණු මෙම සුවිශේෂී ඉනිම හේතුවෙන් පළමු දිනයට තරගය නිමා කරන විට මුවර්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලකුණු 509 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. 

මෙම සුවිශේෂී ඉනිමට අමතරව සචිත්‍ර සේරසිංහද ශතකයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනිණ.පන්දු 174 කින් සමන්විත වූ සචිත්‍රගේ ලකුණු 149 ක ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 18 ක් ඇතුළත්ව තිබිණ. මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු සම්බන්ධතාවය 294 කි.

මීට අමතරව පළමු දිනයේදී තවත් ශතක 3 ක් වාර්තා කිරීමට සී. සී. සී. පිලේ මිනෝද් භානුක ලකුණු 114 ක් සහ ලසිත් අබේරත්න ලකුණු 113 ක්ද සැරසන්ස් පිලේ ගමිඳු අමරසිංහ ලකුණු 129 ක්ද රැස් කිරීමට සමත්වූහ. මිනෝද් සහ ලසිත් එස්. එස්. සී. පිලට එරෙහිව සිය ශතක වාර්තා කරද්දී ගමිඳු ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ලකුණු 129 ක් රැස් කළේය. 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar