slc
Home   |    News
පෙබරවාරි 23, 2020
ලෝක කුසලාන පළමු සටනින් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ජය ගනිති

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේ පැවැති නවසීලන්තයට එරෙහි පළමු සටනෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කාන්තා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 127 ක් ලබා ගත් නමුත් එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකාරිණියෝ පන්දු 14 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දෙමිනි. නවසීලන්ත පිල වෙනුවෙන් නායිකා සොපී ඩිවයින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 55 කදී ලකුණු 75 ක් රැස් කොට ජයග්‍රහණය ඉක්මන් කළාය. 

සුසී බේට්ස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 40 ක් ගොඩ නංවමින් හඹා යෑමට සාර්ථක පදනමක් එක් කළ ආරම්භක පිතිකාරිණිය වූ සොපී ඩිවයින් තෙවැනි කඩුල්ල සඳහා පැමිණි මැඩී ග්‍රීන් සමඟ එක්ව ලකුණු 61 ක සම්බන්ධතාවයක් පවත්වීමට සමත්වූවාය. පන්දු 36 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී ග්‍රීන්ගේ පන්දු 20 කට මුහුණ දෙමින්  ලකුණු 29 ක් ලබා ගත්තාය. මෙම තරගයේදී මීට වඩා කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වුවත් ක්‍රීඩිකාවන් අතින් උඩ පන්දු 3 ක් ගිලිහී යෑම ඊට හරහට හිටියේය. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 30 කදී පන්දු 30 කදී ලකුණු 41 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනංවන ලද්දේ පන්දු 46 ක් පමණක් වැය කරමිනි. එහිදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විතව චමරි ලකුණු රැස් කරද්දී සෙසු පිතිකාරිණියන්ව ග්‍රහණයට ගෙන පන්දු යැවීමට නවසීලන්ත පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම හමාර වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත් උපනායිකා හර්ෂිතා මාධ්‍යවී පන්දු 26 කදී ලකුණු 27 ක් ලබා ගත්තාය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු හෙලී ජෙන්සන් ලකුණු 16 කට කඩුලු 3 ක්ද ඇමේලියා කේර් ලකුණු 21 කට ලකුණු 2 ක් දවා ගැනීමට සමත්වූහ. 

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 127 යි – (චමරි අතපත්තු 41, හසිනි පෙරේරා 20, හර්ෂිතා මාධ්‍යවී 27*, අනුෂ්කා සංජීවනී 15, හෙලී ජෙන්සන් 16/3, ඇමේලියා කේර් 21/2)

නවසීලන්තය පන්දුවාර 17.4 කදී කඩුලු 3 ට ලකුණු 131 යි – (සොෆී ඩිවයින් 75, සුසී බේට්ස් 13, මැඩී ග්‍රීන් 29)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest