slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2020
ළහිරු තිරිමාන්නත් ශතක සමාජයට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ බදුරලිය ක්‍රීඩා සමාජය විසින් කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 505 ඉලක්කය හඹා යෑමේදී ළහිරු තිරිමාන්න විසින් ලකුණු 187 ක් ලබා ගැනීමට සමත්වීම නිසා එම තරගය විසඳුමකින් තොරව අවසන් කර ගැනීමට රාගම ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණ. පළමු ඉනිම හෝ නිමාවට පත් නොවුණු මෙම තරගය නිමාවට පත් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාගම ක්‍රීඩා සමාජය කඩුලු 9 කට ලකුණු 366 ක් ලබා ගෙන සිටියේය.

මේ අතර ‘බී’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත්විය.

රාගම – බදුරලිය

ජය පැරදුමෙන් තොරයි

ලකුණු 187 ක අගනා ඉනිම සඳහා පන්දු 309 කට මුහුණ දුන් තිරිමාන්න තම ඉනිම හතරේ පහර 21 කින් වර්ණවත් කළේය. පළමු සතියේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ උදාර ජයසුන්දර එක්වූ තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174 ක සම්බන්ධතාවයක් වාර්තා කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට පෙරමුණ ගත් අතර එහිදී උදාර ලකුණු 76 ක් රැස් කිරීමට සමත්විය.

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 146.5කදී කඩුලු 9 කට ලකුණු 505යි – (බ්‍රාවිෂ් ෂෙට්ටි 157*, ළහිරු මිලන්ත 95, ෂාලින් ද උෂාන් 54, අසංක සිල්වා 50*, තිලකරත්න සම්පත් 48, ෂාහිඩ් යුසුෆ් 41, ශිරාන් ප්‍රනාන්දු 97/5, ජනිත් ලියනගේ 27/2)

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 105කදී කඩුලු 9 කට ලකුණු 366 යි – (ළහිරු තිරිමාන්න 187*, උදාර ජයසුන්දර 76, කල්හාර සේනාරත්න 22*, ළහිරු සමරකෝන් 119/3, තිලකරත්න සම්පත් 55/3)

බ්ලුම්ෆීල්ඩ් – නුගේගොඩ

බ්ලූම්ෆීල්ඩ්ට කඩුලු 5 ක ජයක්

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 198ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායම එම ඉලක්කය කඩුලු 5 ක් දැවී සපුරා ගැනීමට සමත්විය. බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම වෙනුවෙන් දිල්හාන් කුරේ ලකුණු 67 ක් සහ චාමර සිල්වා නොදැවී ලකුණු 60 ක් ලබා පිත්තෙන් කැපී පෙනෙන පිතිකරුවන් බවට පත්වූහ.

නුගේගොඩ පළමු ඉනිම 294යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 73.1 කදී 231 යි – (ඉරෝෂ් සමරසූරිය 52, පහන්ගිර් මිස්රා 54, දෙනුවන් රාජකරුණා 30, ගයාන් සිරිසෝම 74/5, සචින් ජයවර්ධන 37ට 2)

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 78.1කදී 327යි – (දිල්හාන් කුරේ 96යි, හර්ෂ විතාන 72, මිෂෙන් සිල්වා 52*, පසිදු මධුෂාන් 74/5, මතීෂ පෙරේරා 91/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 34.3දී කඩුලු 5ට 199 යි – (දිල්හාන් කුරේ 67, චාමර සිල්වා 60*, මතීෂ පෙරේරා 56/2, පසිදු මධුෂාන් 41/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee