slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2020
ලෝක කුසලාන පළමු සටනින් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ජය ගනිති

Sri Lanka Cricket

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේ පැවැති නවසීලන්තයට එරෙහි පළමු සටනෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කාන්තා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 127 ක් ලබා ගත් නමුත් එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිතිකාරිණියෝ පන්දු 14 ක් ඉතිරිව තිබියදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ශ්‍රී ලංකාව හමුවේ ලබා දෙමිනි. නවසීලන්ත පිල වෙනුවෙන් නායිකා සොපී ඩිවයින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 55 කදී ලකුණු 75 ක් රැස් කොට ජයග්‍රහණය ඉක්මන් කළාය. 

සුසී බේට්ස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 40 ක් ගොඩ නංවමින් හඹා යෑමට සාර්ථක පදනමක් එක් කළ ආරම්භක පිතිකාරිණිය වූ සොපී ඩිවයින් තෙවැනි කඩුල්ල සඳහා පැමිණි මැඩී ග්‍රීන් සමඟ එක්ව ලකුණු 61 ක සම්බන්ධතාවයක් පවත්වීමට සමත්වූවාය. පන්දු 36 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී ග්‍රීන්ගේ පන්දු 20 කට මුහුණ දෙමින්  ලකුණු 29 ක් ලබා ගත්තාය. මෙම තරගයේදී මීට වඩා කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වුවත් ක්‍රීඩිකාවන් අතින් උඩ පන්දු 3 ක් ගිලිහී යෑම ඊට හරහට හිටියේය. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 30 කදී පන්දු 30 කදී ලකුණු 41 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනංවන ලද්දේ පන්දු 46 ක් පමණක් වැය කරමිනි. එහිදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විතව චමරි ලකුණු රැස් කරද්දී සෙසු පිතිකාරිණියන්ව ග්‍රහණයට ගෙන පන්දු යැවීමට නවසීලන්ත පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම හමාර වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත් උපනායිකා හර්ෂිතා මාධ්‍යවී පන්දු 26 කදී ලකුණු 27 ක් ලබා ගත්තාය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු හෙලී ජෙන්සන් ලකුණු 16 කට කඩුලු 3 ක්ද ඇමේලියා කේර් ලකුණු 21 කට ලකුණු 2 ක් දවා ගැනීමට සමත්වූහ. 

ලකුණු සාරාංශය 

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 127 යි – (චමරි අතපත්තු 41, හසිනි පෙරේරා 20, හර්ෂිතා මාධ්‍යවී 27*, අනුෂ්කා සංජීවනී 15, හෙලී ජෙන්සන් 16/3, ඇමේලියා කේර් 21/2)

නවසීලන්තය පන්දුවාර 17.4 කදී කඩුලු 3 ට ලකුණු 131 යි – (සොෆී ඩිවයින් 75, සුසී බේට්ස් 13, මැඩී ග්‍රීන් 29)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee