slc
logo
Home   |    News
මාර්තු 25, 2020
කොරෝනාට එරෙහි උපකරණයක් මිලදීගැනීමට ක්‍රිකට් ක්‍රීඩකයෝ මුදලින් දායකත්වය දක්වති

Sri Lanka Cricket

කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු සාමාජිකයින් සිය දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ.

ජාතික රෝහල විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙම උපකරණය මිලදී ගැනීම සඳහා සිය දායකත්වය දැක්වීමට පියවරගෙන තිබේ. ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන මෙම ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණයෙන් කොරෝනා රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතින්න උපකරණයක් වේ. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, “මීට කළින් මෙවැනි උපකරණයනක් ජාතික රෝහලේ තිබිලා තියෙනවා. නමුත් ඒකෙන් කොරෝනා ආසාධිතයකු සොයා ගැනීම නිසා ඒ උපරකරණය නැවත භාවිතා කිරීමේ හැකියාවක් නැති බව අප වෙත දන්වා තිබුණා. ඒ අනුව ඒ සඳහා වූ වැඩ සටහනට අපි දායකත්වය දැක්වීමට තීරණය කළා”යි සඳහන් කර සිටියේය.

රට තුළ පවතින භයානක තත්ත්වය තුළ එම උපකරණය අතශවශ්‍ය එකක් බවට පත්ව තිබෙන අතර මේ වන විටත් එය ඇණවුම් කර තිබේ. ඇණවුම් කර තිබෙන උපකරණය පෙර පැවැති උප කරණය මෙන් නොව ජීවානුහරණය කිරීමෙන් පසු නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව පවතින්නක් වන බවද කරුණාරත්න මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය. එම නව යන්ත්‍රය ලබන 27 වැනිදාට ප්‍රථම ලැබීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee